Thursday, July 5, 2018

Love.... & Life forever with You

" Love.... & Life forever with You......"
" නුඹයි...., නුඹමයි......... අත්වැල.............."

Watercolor Painting - Cotman paper
Framed with perspex glass,
Size 24" X 30"

එදා ඔය නෙත් මුලින් දුටු දා

හිතේ ඉපදුන නුහුරු හැඟුමන් 

තාම මතකයි වචන කරනට අකුරු දන්නැති..

එකල මෘදුවට පටල ගත් අතැඟිලි

උණුසුමේ අඩුවක් නොවී

අදත් දැවටී තියෙන අරුමය

සෙනෙහසම හැර වෙන කිමැයි..

අපි ඉතිං පෙම් කරා
පෝරු මස්තක හිඳ දෑඟිලි බැන්දා
දරු පැටව් හැදුවා ගෙවල් දොරවල්ද හැදුවා
දරුවො උන්ගේ පැටව් එක්කලා 
කැදලි වල ජීවිතේ ලියනවා
නුඹට මට.. මං නුඹට ..අපිට අපි..
අපි තවම අපගෙමයි 
සුදු හාමිනේ..
ජීවිතේ මහා දුර දුක් කටොළු ප්‍රශ්න මැද
සිතට සවි දී ගතට වෙර දුන් 
නුඹයි නුඹමයි අත්වැල
ඉතිරි ටික දුර ඇවිද යන්නට..
ඒත් මේ මග එක තැනෙක 
අපි අපෙන් වෙන් වෙන දිනක් එයි
එදින ලෝකය අතහැරේවි
යලිත් කිසි දින හසු නොවන ලෙස...

පබැඳුම - කමල් නෙත්මිණි

No comments:

Post a Comment