Friday, July 6, 2018

Humanity........

" Humanity........"
මේ චිත්‍රය මම සිතුවමට නැගුවේ ඡායාරූපයක් බලාගෙන...

මෙය සත්‍ය සිදුවීමක්...

බළංගොඩ ප්‍රෙද්ශයේ ඡන්ද මධ්‍යස්ථානයකට පැමිණි මවකට...

එම ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙක් පියගැට පෙල බැසීමට අත්වාරුවක් සැපයු අවස්ථාවක්....

මේ දසුන ඡායාරූපයට නගා ඇත්තේ ඔහුත් සමඟ එම මධ්‍යස්ථානයේම රාජකාරි කල සහෝදර නිලධාරියෙක්...

මේ ඡායාරූපය ගත් නිලධාරියා මේ සිතුවම දැක දිනක් මට කථාකලා... ඔහු තමයි මේ ඡායාරූපයේ සුලමුල මට හෙලි කලේ...

ඔවුන් දෙදෙනාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරන නිලධාරීන් දෙදෙනෙක්....

ඇත්තටම මේ දකින දසුනින් කියවෙන අරුත් බොහොමයයි... දයාව, කරුණාව, ගරුත්වය... රළු නිල ඇඳුමට යටින් ඇති මණුෂ්‍යත්වය මෙයින් මනාව පිළිබිඹු වෙනවා... “ මනුෂ්‍යත්වය...“ යනුවෙන් මම මෙයට නම් තැබුවේ ඒ නිසා...

හිටපු පොලිස් නිලධාරියකු ලෙස මෙවැනි දසුන් දැකීමට මට ඇත්තේ දැඩි කැමැත්තක්.. මේ ප්‍රස්තුතයට එකතු වු නිලධාරීන් දෙදෙනා ගැනම මට ඇත්තේ මහත් වු ගරුත්වයක් හා ආඩම්බරයක්...

ශ්‍රී ලංකා පොලීසියේ මෙවැනි නිලධාරීන් බොහොමයක් බිහිවේවා....!!!!!

මගේ ප්‍රාර්ථනයයි..........

No comments:

Post a Comment