Tuesday, July 10, 2018

පැරණි යාලුවෝ

පොලිස් පරීක්ෂක මැල්කම් 
ගිය අවුරුද්දෙ අගෝස්තු 4 වෙනි දා  මම මහනුවර බලා ගමන් කලේ දීර්ඝ කාලීන මගේ හිතවතෙකු වන මේජර් ජනරාල් නිශ්ශංක රනවන මහතාගේ
මෑනියන්ගේ අවමඟුලට සහභාගි වීමටයි. රනවන මහතා ඉතාමත්    නිහතමානී සුහදශීලි මා ප්‍රිය කරන යුධහමුදා නිලධාරියෙක්  නිසාත්, මගේ සොහොයුරාගේ ප්‍රධානියා ලෙස කටයුතු කර තිබීමත්,  අප එහි යෑමට හේතු සාධක විය.

මේජර් ජනරාල් නිශ්ශංක රනවන

වසර 17 කට පසු රථයක් පදවාගෙන මහනුවරට ගමන් ගත් ප්‍රථම අවස්ථාව ද මෙය විය. කදු වංගු සහිත මාර්ගයේ තනි අතින් සුක්කානම හසුරවමින් ගමන් කිරීම යම් අභියෝගයක්මය.  එමෙන්ම කඩා වැටුන ධාරානිපාත වර්ෂාව ඒ අභියෝගය තවත් තිව්‍රර කලේය. කෙසේ උවත් ඉවසීමෙන් හා මනා සංයමෙන් ඒ අභියෝගය සාර්ථකව ජය ගත්තෙ km 300 ක් පමණ රථය තනිවම ධාවනය කරමිනි .

කකුල් දෙකත් අත් දෙකත් යොදාගෙන කල යුතු දෙයක් අත් දෙක පමණක් යොදාගෙන කිරීම Differently able කියා හැදින්වීම කොතරම් අර්ථවත් දැයි සිතුනි.

මම මහනුවරට ගමන් කරේ රඹුක්කන හරහායි. ඊට හේතු වුනේ මගේ සමකාලීන මිතුරෙකු වු රඹුක්කන පොලිස් ස්ථානාධිපති Malcolm Pate වත් හමුවී යෑමට මා අදහස් කල නිසයි.

1996 දී අප දෙදෙනාම යාපනයේ එකට රාජකාරි කලා. එකට රාජකාරි කල විපතට පත්වුණු පොලිස් නිලධාරීන් ගැන මැල්කම් යම් හැඟීමකින් කැක්කුමකින් ක්‍රියා කරන නිලධාරීයෙක්. මැල්කම් රඹුක්කන ස්ථානාධිපති ලෙස පත්ව ආවේ දීර්ඝ කාලයක් කයිට්ස් පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ලෙස කටයුතු කිරීමෙන් අනතුරුවයි. සංවේදි යහපත් පොලිස් නිලධාරීන්යෙක් ලෙස රඹුක්කන ජනතාවට පොලිසිය පිළිබඳ සුබවාදී ආකල්පයක් ගොඩනැඟීමට කිසි විටක අතුරුදන් නොවන හිනාවකින් මුව සැරසුනු මැල්කම්ට හැකියාවක් ඇති බව මට විස්වාසයි.

රඹුක්කන සිට මට ගමන් කිරීමට අවශ්‍ය වුනේ ගලගෙදරටයි. ඒ මගේ තවත් පොලිස් සඟයකු වු  චමින්ද ජයයේන  වත් දැක බලාගෙන යෑමටයි.
උප පොලිස් පරීක්ෂක -චමින්ද ජයසේන
චමින්දත් මම වගේම රෝද පුටුවක ජීවත් වන උප පොලිස් පරීක්ෂක වරයෙක්. හරියටම ඊයෙ දිනට ඔහු ආබාධිත තත්ත්වයට පත් වී වසර දහඅටක්. අපි දෙන්නගෙම ජීවිත වලට රෝදපුටු උරුම වුනේ  ඉතාමත් ආසන්න කාලසීමා තුලයි. ඔහු ආබාධිත තත්ත්වයට පත්වී මාස දෙකකට පසු එනම් 1999 ඔක්තෝබර් 23 වෙනිදා මා ආබාධිත තත්ත්වයට පත්වුණා.
නාරාහේන්පිට පොලිස් රෝහලේ 9 සහ 10 කාමර දෙක දිගු කලක් අපි දෙන්නගෙ  නවාතැන් පලවල්. අපි දෙන්නගෙම අනතුරට ලක්වෙලා තිබෙන්නේ සුෂුම්නාවයි. ඒ නිසා දෙන්නගෙම රෝගි තත්ත්වයන්, මුහුණ දෙනන්නට සිදුවෙන දුෂ්කරතා අභියෝගත් එක සමානයි.  මා ආබාධිත තත්ත්වයට පත්වුනේ වයස අවුරුදු 30 ක් ඉක්ම ගිය පසුයි. ඒත් ඔහුට යන්තම් වයස අවුරුදු 24 ක් පමණ වු ඉතාමත් භද්‍ර යෛවනයේදි මේ ඉරණමට මුණ දෙන්න සිදු වුනා. රාජකාරි කරන්න පුළුවන් වුනෙත් ඉතාමත් කෙටි කාලයයි. ඔහු  අහිංසක, අව්‍යාජ සරල චරිතයක්.
මම ඔහුගේ නිවසට ලඟාවෙනවිට මධ්‍යහ්නයට ලංව තිබුනා. චමින්දගේ සොහොයුරා මගේ සොහොයුරත් එක්ක එකතුව නිවසට ළඟා වෙන්න තියෙන දුෂ්කර අවදානම් කන්ද තරණය කරන්න මට උදව් කලා.
නිවස පිහිටියේ උස් ස්ථානයක නිසා සොබාව සෞන්දර්යෙන් පිරිපුන්  අවට, නිවසට  දර්ශනය වන්නේ ඉතාමත් මනරම් ආකාරයෙන්. නිවසේ වටපිටාවෙත් පෝච්චිවල සිටුවන ලද බොහෝ පැලෑටි වර්ග විය. ගස් වැල් පැලෑටි සමඟ ජීවත් වෙමින් තමන්ට අනන්‍ය වු සතුටුදායක පරිසරයක් තුල ජීවත්වීමට ඔහුට හැකි අයුරින් පරිසරය ගොඩනඟාගෙන තිබුනි. ඒ පරිසරයේ තිබු නිදහස් හා සරල  බවට මම ඇලුම් කලෙමි.
ආ ගිය තොරතුර කතාබස් කිරීමෙන් අනතුරුව මම ඔහුගෙන් සමුගෙන කටුගස්තොට රනවන පාරේ Major General රනවන මහතාගේ නිවසට ළඟාවෙන විට වෙලාව දහවල් එකට ආසන්න වී තිබුනි.  එහිදි මගේ දුරකථනයට සම්බන්ධ වුන පොලිස්පති පුජිත් ජයසුන්දර  මහතා Major General රනවන මහතා වෙත තම සංවේගය පලකිරීම පොලිස්පතිතුමාගේ මා ඉතා ප්‍රිය කල නිහතමානී කම පෙන්වු තවත් එක් අවස්ථාවක් විය.
පලාතේ පොලිසිය මඟින් යම් සහයක් අවශ්‍ය වේද ඒ සියල්ල නොපිරිහෙලා ඉටුකරන ලෙසට තමා පොලිස් ස්ථාන දැනුවත් කරන බවට ද එතුමා පොරොන්දු විය.

මේ නිලධාරීන් දෙදෙනාම මහනුවර ධර්මරාජ මාතාවගේ කීර්තිමත් ආදී සිසුවන් වීමද විශේෂත්වයකි.

මේජර් ලක්ෂ්මන්  දවුලගල
රනවන මහතාගේ නිවසේදී ඉතාමත් පැරණි යුධහමුදාවේ මිතුරෙක් ද හමුවුනේ වසර 21 කට පසුය. ඒ හිටපු Major Lakshman Dawlagala යි. දවුලගල මට හමුවුනේ මම මාදගල් ස්ථානාධිපති ලෙස කටයුතු කරමින් සිටියදීය.
එවකට ඔහු පලාලි යුධහමුදා කදවුරේ සැපයුම් අංශයේ නිලධාරි අණදෙන ලෙස කටයුතු කලා. මගේ ඉල්ලීම් වලට ඔහු ඉතාමත් ඉහල ප්‍රමුඛතාවක් ලබාදෙමින් ලබාදුන් සහාය නිසා මට ඔහු ගැන මතකය ද හොඳින් රැදුනි.

9 comments:

  1. කියන්න දෙයක් හිතා ගන්න බැරුව ගොළුවෙලා වගේ ගතියක් දැනුනා... ;(

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි.. කියෙව්වාට... 🤗🙏👍

      Delete
  2. ඔබ ධෛර්ය සම්පන්නයි..ඉරනම තීන්දුකරන බොහෝ අවාසනාවන්ත දේ සිඳුවී ඇතත් ඔබ ධෛර්ය සම්පන්නයි..පොලිසිය ඔබව අගේට ඇති දැඩි කරල තියනව...

    ReplyDelete
    Replies
    1. ඔබ හරි.., මම හොඳින් අවබෝධ කරගත් දෙයක් තමයි මම වාසනාවන්තයෙක් නොවන බව. මම උත්සාහය තුලින් වාසනාව ළඟාකරගන්න කෙනෙක්... හොඳම විකල්පය එය හැරෙන්නට වෙනත් යමක් මට නොමැත. මගේ සටහන කියෙව්වාට, සටහනක් තැබුවාට ඔබට බොහොම ස්තුතියි.. 🙏

      Delete
  3. Hi Pradeep, Happy to see you are out and about despite the fact of your ability and I appreciate the service done for our country.

    I have a plantation business near Galle, I find it very difficult to find honest people to do supervisory work, may be you have ex servicemen friends looking for work. If you have pl comment here, then we can get connected.

    ReplyDelete
    Replies
    1. Thank you so much for your lovely comment.. appreciate it.
      Please contact me for discuss your request...
      0718186342

      Delete
  4. Thanks Pradeep, I will call you soon

    ReplyDelete
  5. ඔබ සැගවුන චරිත පිළිබඳව වර්තමාන තරුණ පරපුර දැනුවත් වෙනවානම් එය ඉතාමත් අගනයි.

    ReplyDelete
    Replies
    1. මට හැකි අයුරින් ඒ සඳහා දායක වෙනවා... මේ මාධ්‍ය හරවත් විදියට යොදා නොගන්න එක අපේ තරුණ පරපුරේ මම දකින ලොකුම අඩු පාඩුව.
      ඔබට බොහොම ස්තුතියි..

      Delete