Monday, July 2, 2018

අලුත් අත්දැකීම්.... 01

ජීවිතයට ළංව තිබු පින්සල පැන්සල හා පෑන ටික කලකට ජීවිතයෙන් ඈත් වී කටර් අඩු, යතුරු හා වයර් ජීවිතයට ළං විය. ඒ අපේ රටේ මෝටර්රථ අලුත් වැඩියා කරන කාර්මික මහතුන්ගේ දැනුමේ ආනිශංසයන්ගේ මහිමයෙන්, මට අත්විදින්නට සිදු වුන දරාගැනීමට නොහැකි අලාභයන් නිසාය. සුසාන භුමියේ ඉදි කඩොල්ල ළඟටම ඔවුහු මගේ ජීප්රථය රුගෙන ගියෝය. දුක් මහන්සියෙන් අටවාගත් ජීප්රථයට එවැනි අවාසනාවන්ත ඉරණමක් අත්වනවා බලා සිටින්නට මට නොහැකි විය. මේ හේතුවෙන් මට ආගන්තුක නුහුරු නුපුරුදු කේෂ්ත්‍රයකට පිවිසෙන්නට සිදු වුනේය.

සුසාන භුමියේ ඉදිකඩුල්ල අසබඬින් නවතා ගත් මගේ ජීප්රථය අනේක විදි බාධක දුෂ්කරතා හා අභියෝග ජයගෙන අනර්ඝම තත්ත්වයට පත්කරගැනීමට අවසානේ මම තනිවම සමත් වීමි. “තල්අරඹේ මතකයන්.... “ අකුරු කරන්නට, ඒ සිතුවිලි සමුදායේ ගිලෙන්නට එබැවින් මට ඉඩක් නොලැබුනි.

මට මුහුණ දීමට සිදු වු ව්‍යසනය හා සමානව අනෙකුන් බුකිවාසි වාහන හිමිකරුවන්ටත් මෙවැනි අත්දැකීම් ඇති බව මම විස්වාස කරමි. එම නිසා මම මුහුණ දුන් අත්දැකීම් ඔබ හා බෙදාගැනීමට මෙසේ අකුරු කරන්නෙමි.

මා සතුව තිබුනේ Manual Gear පද්ධතියක් සහිත Scorpio වර්ගයේ ජීප්රථයකි. පසු කලෙක ජීප්රථය මට තනිවම දෙඅත් පමණක් උපයෝගී කරගෙන පැදයාමට අවශ්‍ය විය. අතින් රථය ධාවනය කිරීමට හැකි Hand control device එකක් සවිකිරීමට හැකියාව තිබුනේ ස්වයංක්‍රීය ගියර් පද්ධතියක් සහිත වාහනයකට පමණය. මේ නිසා Isuzu 4JG2 වර්ගයේ Auto transmission engine එකක් 2016 වසරේ ජීප්රථයට සවිකරමින්, මේ කාර්යය මම ආරම්භ කලේ, කාර්මික මහතුන් පිළිබඳව ඉහල විශ්වාසයක් හා දහසකුත් බලාපොරොත්තු තබාගෙනය. අහෝ.., ඉහල විශ්වාසයක් තැබු කාර්මික මහතුන් ඒ විශ්වාසය මසක් ගතවන විට බිඳහෙලීය.

වාහනයකට වෙනත් engine මක් සවිකිරීමේදී විශේෂයෙන්ම අවධානය යොමු කල යුතු engine mount හා gear mount පිළිබඳව කිසිදු අවධානයක් සැලැකිල්ලක් නොදක්වා ඔවුන් අලුත් එන්ජිම සවිකර තිබුනි. Mounts හරියාකාරව නොතිබු නිසා ජීප්රථය ගමන් කරන විට අධික Vibrations එකක් ඇති වුනේය. එහි ගමන් ගනිද්දී ශරීර අභ්‍යන්තර අවයව පවා සෙලවෙන්නට විය. මේ නිසා නැවතත් මට වෙනත් කාර්මික මහතෙකු ලවා engine mounts හා gear mount අලුතින් යොදා වැඩේ ගොඩදාගැනීමට සිදු විය. එහෙත් අමතරව ලක්ෂ එක හමාරක පමණ මුදලුකුත් මගේ කාලයත් ඒ සඳහා නාස්ති වී තිබුනි. පසුව මට හමුවුන සුදේෂ් (කාර්මික මහතා ) මේ කාර්යය ඉතාමත් ප්‍රශංසනීය අයුරින් ඉටුකොට තිබු නිසා engine mounts හා gear mount පිළිබඳ ගැටලුව ඉතාමත් හොද අයුරින් විසදුනි. ජීප්රථ නිශ්පාදකයාගේ ප්‍රමිතියටත් ඉහලින් එය ඉටුවී තිබුනි. කිසිදු Vibrations තත්ත්වයක් ඉන් පසු ඇති වුයේ නැත. එසේ වුවත් auto transmission ක්‍රියවලිය හරියාකාරව සිදු නොවිනි. එයට හේතු වුනේ Gear Shifting ක්‍රියාවලිය සිදු කරන TCM එක නිවැරදිව වයරින් කර නොතිබීමයි. gear shifting ක්‍රියාවලිය සිදු නොවීම නිසා අවශ්‍ය ප්‍රමාණයට වඩා ජීප්රථයේ එන්ජිම කෑගැසීය. එය මම දැඩි සේ නොරිස්සීමී. අධිවේගී මාර්ගයේ ජීප්රථය පැයට කිලෝමීටර් 100 ක පමණ වේගයෙන් ගමන් කිරිමේදී කිසිවෙකු බෙල්ල මිරිකගෙන සිටින අයුරින් engine එකෙන් මරහඬක් නික්මුණි. ඒත් සමහරුන් කීවේ එය auto gear වාහනවල හැටි කියාය. එහෙත් එය එසේ කියා සිතන්නට මගේ සිත ඉඩ දුන්නේ නැත. Gear shifting වල කුමන හෝ දෝෂයක් නිසා මෙය සිදුවන බව මගේ සිත තුල බැසගත් විශ්වාසය විය. මේ විශ්වාසය නිසා auto electrical කාර්මික මහතුන් කීපදෙනෙක්ගෙන්ම TCM එක හරියාකාරව වයරින් කරගැනීමට උත්සාහ දැරුවෙමි. ඒ උත්සාහයන් සියල්ල ව්‍යර්ථ වුනේ ඔවුන්ගේ දැනුම ප්‍රමාණවත් නොවුනු බැවිනි. මෙවැනි ගැටලු රාශියකට මැදිවී සිටින විට බොහෝ පුද්ගලයන් කියා සිටියේ ඔය වැඩේ සාර්ථක කරගැනීම කවදාකවත් ඉටුකල නොහැකි බැවින්, ජීප්රථය විකුණා දමා වෙනත් රථයක් මිළදී ගන්නා ලෙසයි. එහෙත් මගේ හිත මට කියා සිටියේ නොහැක්කක් නොමැති බවයි. උත්සාහය ධෛර්යය අධිෂ්ඨානය තුල ඕනැම අරමුණක් ජයගත හැකි බව මගේ සිත කියා සිටියේ දැඩි මුරණ්ඩු ස්වරයෙනි. ජීප්රථය විකුණා දැමීම ප්‍රශ්නයට උත්තරය නොවන බව මම දැන සිටියෙමි. වෙනත් රථයක් මිළදී ගත්තත් ඒ නොදන්නා රථය ගැන තැබිය හැකි විශ්වාසය ගැන කිසිවෙක් කතා නොකලේය. නොදන්නා යකාට වඩා දන්නා යකා හොද යැයි මම සිතුවෙමි. මේ ජීප්රථයේ බාහිර අලංකරණ කටයුතු සිදුවුනේ මට අවශ්‍ය පරිදිය. ඉදින්, අනෙක් රථවල පෙනුමට වඩා රථයේ පෙනුමට මම වඩාත් ඇලුම් කලෙමි.

තොරතුරු තාක්ෂණයේ පිහිටෙන් නොදන්නා ඕන දෙයක් ඕනිම කෙනෙකුට ඉගැනීමට අන්තර්ජාලයේ දොරගුළු විවෘතව තිබේ. මමත් අනෙක් සියලු වැඩකටයුතු පසෙකින් තබා Auto transmission පිළිබඳව අන්තර්ජාල තුලින් හැදෑරුවෙමි. ඒ තුලින් නොදන්නා කේෂ්ත්‍රයක දැනුම් සම්භාරයක් මගේ ජීවිතයට එකතු විය. සමහර දිනවල රෑ එකට දෙකකටත් මම අන්තර්ජාලය පීරමින් දැනුම එක්කාසු කලෙමි. මෙසේ කල්ගත කරමින් කාලය ගත කරද්දී බෙල්ලන්විල පංසල අසලින් ඇති පාරක ගමන් ගන්නා විට හමුවන ගරාජයක සේවය කරන කාර්මික මහතෙක් ගැන තොරතුරක් ලැබුනි. Auto electrical පිළිබඳව ඔහු ඉතාමත් හසල දැනුමකින් සන්නද්ධ බව මට තොරතුර ලබාදුන් තැනැත්තා කියා සිටි බැවින් දිනක් මම මේ පුද්ගලයා හමුවීමි. මගේ කාලයත් ශ්‍රමයත් ඉතිරි කරගෙන ඉක්මනින් මගේ ජීප්රථයේ දෝෂය නිවැරදි කරගැනීමට හැකියාව ලැබේ නම් එය මුදල් වලට වඩා මට වටිනාකමක් ගෙන දේ.

“ වැඩේට අවම සතියක් විතර යයි. හ්ම්ම්... උපරිම සති දෙකකින් මෙහා කරලා දෙන්නම්..., මට පේන හැටියට මේ TCM එකනම් මේකට ගැලැපෙන්නේ නෑ වගේ... “

ඔහු වැඩේ භාරගත්තේ ඒ අයුරිනි.

“ එහෙම වුනොත් මොකද කරන්නේ...? මම තොරතුර විමසන්නට පටන් ගත්තෙමි.

“ හ්ම්ම්... හරියන එකක් හොයාගන්න ඕන...”

“ එහෙම හොයාගන්න තියෙයිද... ?” මට මතුවුණ ගැටලුව ඔහුට යොමු කලෙමි.

“ එහෙම වුනොත් අපට පුළුවන් Cercuit එකක් හදලා දාන්න...”

කාර්මික මහතාගේ උත්තරය මා අමන්දානන්දයට පත් කිරීමට සමත්විය. එසේ නම් මේ සැරේ මට හමුවී ඇත්තේ මගේ බලාපොරොත්තුව ඉටුකිරීමට හැකි නිවැරදිම කාර්මික මහතෙකි. මමත් ඒ ටික කාලයට Auto transmission ගැන උගත් තොරතුරු ටික ඔහු හා බෙදාගැනීම සදහා මඳක් උත්සාහ කලෙමි. ඒත් ඔහු දිගින් දිගටම මම සොයාගත් දැනුමට එදිරිව ප්‍රකාශයන් නිකුත් කරන්නට වුයෙන් මම නිශ්ශබ්ද වුනෙමි. බැරි වෙලාවත් ඔහු “එහෙනං ඔබම ඔය වැඩේ කරගන්න...” යැයි පවසා මගේ කාර්ය කිරීම ඔහු ප්‍රතික්ෂේප කලොත් යන බිය මට ඇති විය.

ජීප්රථය පාවිච්චි කිරීම සතිදෙකකට අතහැර ඒ ගැන සිත හදාගෙන මම ඔහුට ජීප්රථය භාර දී නිවසට පැමිණියේ සති දෙකක් ඇවෑමෙන් දිවා රෑ මා වෙහෙසට පත්කරන ගැටලුව අවසාන යැයි සිතාගෙනය. එදවසත් ඔහුට ප්‍රයෝජනයට ගැනීමට ඉඩහසර ලබාදීම සදහා මම ඔහුට ජීප්රථය භාරදුන්නේ උදෑසන නමයට පමණය.

දින දෙකක් මම ගතකලේ බොහොම අමාරුවෙනි. ඉගිල යන කාලය මේ දවස් දෙකට මට වාර්තා කලේම නැත. කාර්මික මහතාට දුරකථන ඇමතුමක්වත් නොදුන්නේ ඔහුට තම කාර්යය බාධාවකින් තොරව කරගෙන යෑමට ඉඩ ලබාදීම වැදගත් යැයි සිතු බැවිනි.

දින දෙකකට පසු කාර්මික මහතාගෙන් මට දුරකථන ඇමතුමකි. දුරකථන ඇමතුම හනි හනිකට මම භාරගත්තේ දහසකුත් බලාපොරොත්තු ඇතුවය. “ වැඩේ කරලා ඉවරද දන්නෙත් නෑ...” මගේ දැනුමේ හැටියට එහි සකස් කිරීමට තිබුනේ OD ගියරය පමණි. දක්ෂයෙකුට එය ඉතා සුළු කාර්යයකි. මම ඉතාමත් සතුටුදායක පණිවිඩයක් බලාපොරොත්තුවෙන් ඔහුගේ හඬට කන්දුන්නෙමි.

“ වාහනේ check කලා... අංක එක මේකේ TCM එක මේකේ එකක් නෙවෙයි... අනිත් එක මේකේ Third gear එක වැටෙන්නේ නෑ... ඒක Slip කරනවා... මම හිතන්නේ මේකේ Third gear එක සවුත්තු වෙලා...”

කාර්මික මහතාගේ පරීක්ෂණ වාර්තාව මට ඉදිරිපත් කලේ මගේ බලාපොරොත්තු සියල්ල ඇසිල්ලකින් සුනු විසුනු කරමිනි. මා පොලොවට කඩා පාත්වුවා සේය.

“ ගියර් බොක්ස් එක රෙපයාර් කරලා අපට කොහොමවත් මේක ගොඩදාගන්න බැරිවෙයිද...?”

සුනු විසුනු වුන බලාපොරොත්තු හමුවේ කුඩා අවස්ථාවක් වත් ඉතිරිව ඇද්දැයි මට දැනගැනීමට අවශ්‍ය විය.

“ මේක නම් රෙපයාර් කරලා වැඩක් නෑ..., අලුත් ගියර් බොක්ස් එකක් තියාගෙන ආවොත් ගියර් ටික හරියට වැටෙන්න හදලා දෙන්නම්...”

අවසන් තීන්දුව ලැබුනි.

“ඔයාගේ ගාස්තුව කීයද...?”

බොඳවුන බලාපොරොත්තු හමුවේ නැවතත් මම ඔහුව විමසුවේ ජීප්රථය පරීක්ෂා කිරීමට ඔහු ගතකල කාලයට හා ශ්‍රමයට යම් ගෙවීමක් කිරීම මගේ යුතුකම වු බැවිනි.

“ආ... ඒකට මුකුත් අවශ්‍ය නෑ... දැන් ආවොත් ජීප් එක අරන් යන්න පුළුවන් ...”

මගේ බලාපොරොත්තු කඩවුනත් ඔහු ඉතා සාධාරණ යැයි සිතුවෙමි.

ජීප්රථය පදවාගෙන නැවත එන්නට පටන් අරන් ටික දුරක් පැමිණෙන විට මට රථයේ විශාල වෙනසක් දැනුනි. Turbo එකෙන් එන ශබ්දය වගේ වුවත් එය Turbo on වීමට ප්‍රථම නැගෙයි. ඒ ශබ්දය දෙසවන් වලටද ඉතා අමිහිරිය. ජීප්රථය වෙනසකට ලක්වී ඇත. මම ඔහුට ජීප්රථය භාර දෙනවිට මෙවැනි ශබ්දයක් තිබුනේ නැත. වහාම මම කාර්මික මහතා අමතා මේ ආගන්තුක ශබ්දය ගැන දැනුම් දුන්නෙමි. පසු දින එය පරීක්ෂා කිරීමට රැගෙන එන ලෙස ඔහු මට පැවැසුවෙන්, සිත තවත් කලකිරීමකින් යුතුව නිවසට පැමිණීමට මට සිදු විය.

පසුදින නැවතත් මම ගරාජයට ගියෙමි.

“ පොඩ්ඩක් යමුද බලන්න...?”

මම ඔහුට ජීප්රථයට නගින්නට ඇරයුම් කලේ රථයේ ගමන් ගන්නා මගියෙකුට අත්විදින්නට සිදු වන අමිහිරි නාදය ගැන අත්දැකීම ඔහුටත් ලබාදීමටය.

“ නෑ අවශ්‍ය නෑ... කෝ පොඩ්ඩක් රේස් කරන්න බලන්න....”

ඔහු මගේ ආරධනාව ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේය.

“ ආ මේ ශබ්දය එන්නේ Turbo එකෙන්නේ...”

“ Turbo එකේ විසිල් එක එන්නේ RPM එක 2000 ට විතර රේස් වුනාම නේ... දැන් මේ 1500 ට යන්නත් කලින්නේ මේ සද්දේ එන්නේ..."

ඔහුගේ නිගමනය මම ප්‍රතික්ෂේප කලෙමි.

“ අනික මේක මේ වාහනේ යන අයටත් හරි අපහසුයිනේ... Turbo එකේ සද්දේ එහෙම වෙන්නේ නෑ නේ...? ඔයාට මම ජීප් එක භාරදෙන කොට මෙහෙම සද්දයක් තිබුනේ නෑ..., Turbo එකේ විසිල් එක ආවේ හරියටම RPM එක 2000 ට එනකොට...”

ඔහුගේ නිගමන අනුමත කිරීම මම ප්‍රතික්ෂේප කලෙමි. මගේ අයිතිවාසිකම් වෙනුවෙන් මට හඩනඟන්නට සිදු විය.

“ Turbo එක පැත්තේ ඔයාල මොනවා හරි කලාද...?”

“ නෑ අපි මේ ඇක්ස්ලේටර් කේබල් එකයි..., මේ එයා ෆිල්ටර් එකයි විතරයි ගැලෙව්වේ...”

දැන් ඔහු මට හරියාකාරව මුහුණ නොදෙයි. යතුරු වගයක් රැගෙන ඔහු Turbo unit එක අසල යම් කටයුත්තක නිරතව සිටී.

“රේස් කරන්න...”

මම ටිකක් වාහනය රේස් කලෙමි.

“තව... තව ටිකක් වැඩි පුර රේස් කරන්න...”

ඔහුගේ ඉල්ලීම ඉටු කර තත්පරයක් යන්නට මත්තෙන් හෙන හඬක් මෙන් එන්ජිම පැත්තෙන් යමක් පුපුරා ගියේය. මට ඇති වුනේ විශාල කම්පනයකි. ජීප්රථයේ රේඩියේටර් ෆෑන් එක සුනු විසුනු වී ගොසිනි. රේඩියේටරය ද හානියට පත්ව එයින් ජලය පිටතට ගලායයි. සියල්ල සිදු වී අවසානය. මගේ ජීවිතය මොහොතකට නතර වුවා සේය. දුක් මහන්සියෙන් අටවා ගත් ජීප්රථය මළ ගමන් යන්නට ඇද්දොදැයි මට සිතුනි.

“මොකද වුනේ..?”

කේන්තිය හා කලකිරීම සිත වෙලාගනිද්දී මම ඔහු විමසුවෙමි.

“ මේ රේඩියේටර් ෆෑන් පෙත්ත ගිහිල්ලා තිබිලා තියෙන්නේ. රේස් කරනකොට ඒක කැඩිලා ගිහිල්ලා...”

ඒකත් මගේ ජීප්රථයේ වරදක් නිසා සිදු වුන දෙයක් ලෙස ඔහු ඒත්තු ගන්නට උත්සාහ කරයි. ඒත් මගේ නිරීක්ෂණය වුනේ රථය රේස් කරනවිට ඔහු අත තිබුන ආයුධයක් අතින් ගිලිහී ගොස් ෆෑන් පෙත්ත මත වැටීමෙන් මෙය සිදු වු බවයි. ඒත් වැඩිදුරටත් තර්ක කොට පලක් නැත. කෙසේ වෙතත් රථය නැවත යථා තත්ත්වයට ඔහු ලවාම පත්කර ගතයුතුය.

“ඔයා Turbo එකට මොකක්ද කරන්න හැදුවේ...”

ඒත් මට නොඅසා සිටිය නොහැකි වු ප්‍රශ්නය යොමු කලෙමි.

“ මම Turbo එක වහන්න හැදුවේ...”

“ඇයි ඒ...?”

Turbo එක වහපුවම වාහනේ performance නැති වෙනවනේ... ඒ නිසා එහෙම කරලා හරියන්නේ නෑ නේ...?”

“ සද්දේ නතර කරන්නයි මට ඕන වුනේ, මමත් මේකෙන් නිදහස් වෙන්න එපැයි...”

තවත් වේලා ගරාජයේ රැදී සිටියහොත් බොහොම අමාරුවෙන් පාලනය කරගෙන සිටින කේන්තිය පිටාර ගලාගොස් කුමකින් කුමක් සිදු වේදැයි මටම සිතාගැනීමට නොහැකි වු නිසා කුලී රථයක් ගෙන්වාගෙන මම නිවසට පැමිණියෙමි.

“ රේඩියේටර් ෆෑන් පෙත්තක් අලුතින් දාලා ඩැමේජ් ඔක්කොම රෙපයාර් කලා... Turbo එකට මොකද කරන්නේ ? ඒකත් බලලා දෙන්න ද...?”

දින දෙකකට පසු ඔහු මට දුරකථන ඇමතුමක් ලබාදෙමින් කියාසිටියේය.

“ නෑ අවශ්‍ය නෑ, ඒක මම බලන්නම්.. “

වෙච්ච පාඩුව ඒ වනවිට මට හොඳටම ප්‍රමාණවත් වු බැවින් ඔහුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කලෙමි.

ඊළඟට මම ජීප්රථය රැගෙන ගියේ Turbo අලුත් වැඩියා කරන ආයතනයකටය.

“ සර් මේකේ ඉන්ෆිලර් එක ගිහිල්ලා...”

Turbo එක පරීක්ෂා කරබැලු කාර්මිකයා මට කියාසිටියේය.

“ ඒ කොහොමද එහෙම වෙන්නේ ? “

ඒක තමයි මටත් ප්‍රශ්නෙ සර්... මෙහෙම ඩැමේජ් වෙන්න නම් Air filter එක හරහා මොකක් හරි foreign body එකක් ඇවිත් තියෙනවා... සර් Air filter එක ගලෝගෙන කොහේ හරි ගියාද ? “

මට සියල්ල පැහැදිලි විය. Gear shifting පරීක්ෂා කර බැලීමේ දි ඔහු Air filter එක ගලවා රථය ධාවනය කර ඇත. ඒ අවස්ථාවේදී කිසියම් වු දෙයක් කුඩා ඇණයක් හෝ ඇණ මුරිච්චියක් හෝ ඒ හා සමාන දෙයක් Air filter එක ගලවා තිබු නිසා කෙලින්ම ගොස් Turbo එකේ infiler එකේ වැදී ඇත. Turbo එකට සිදු වු හානිය වසා ගැනීම සඳහා ගියර් බොක්ස් එක සවුත්තු වී ඇති බව පවසමින් ඉක්මනින් ජීප්රථය නැවත මට භාරදීමට ඔහු ක්‍රියා කර ඇත්තේ ඒ නිසාය.

මම ඔහුට දුරකථන ඇමතුමක් ගෙන Turbo එක හානියට පත් වී ඇති ආකාරය පැහැදිලි කලෙමි. මෙය මගේ තීන්දුවක් නොව Turbo අලුත් වැඩියා කරන ආයතනය විසින් ලබාදුන් නිගමනයක් බවද ඔහුට දැනුම් දීමට අමතක නොකෙලෙමි. මගේ ප්‍රකාශය ඔහු ප්‍රතික්ෂේප කලේ නැත. Turbo එක අලුත් වැඩියා කිරීමට රු72000/= ක පමණ මුදලක් වැයවන බවද දැනුම් දුන්නෙමි. ඒ සඳහා ද දායකත්වය සපයන්නට පොරොන්දු වී රු 25000/= ක මුදලක් මගේ බැංකු ගිණුමට බැරකලේය.

මෙලෙස හෝ සුළු වන්දි මුදලක් ලබාදීමට ඔහු පෙළඹුණේ මගේ හිතවතෙකු වු Herbert Premarathne මහතා මට සිදු වුන අසාධාරණය වෙනුවෙන් සාධාරණය ඉටුකිරීමට පෙනී සිටි නිසා බව සදහන් කල යුතුමය.

පසුව මම අලුතින් Turbo එකක් මිළදී සවිකර ගෙන රථය යථා තත්ත්වයට පත් කරගත්තෙමි.

මම තනිවම අන්තර්ජාලය ඔස්සේ Auto transmission පිළිබඳව දැනුම එක්කාසු කරගෙන ජීප්රථය අනර්ඝතම තත්ත්වයට පත්කර ගැනීම පිළිබඳ කතාව මෙතනින් 

3 comments:

  1. හපොයි! පණ වගේ ආදරේ කරන දේකට මේ වගේ අපරාධයක් කරාට පස්සේ දැනෙන විදිහ හිතාගන්න පුළුවන්, මටත් මේවගේ අත්දැකීම් තියනව..

    අද කාලේ කොහෙ ගියත් ඉන්නෙ මේ වගේ මකබාස්ලනෙ, වැඩේ කියන්නෙ මුන් දෙයක් හරියට දන්නෙත් නෑ, දන්නෙ නෑ කියල මලාට පිලිගන්නෙත් නෑ, ඉන්නෙ මං තරං වැඩ කරුවෙක් නෑ කියල, අන්තිමට වැඩේ අලකරල ගානකුත් කඩාගන්නව.

    පුලුවන් නම් මේකෙ part 2 වලට මේකෙ link එක දාන්න, ඉස්සර වෙලා එක කියෙව්වට පස්සෙ තමා මේක දැක්කෙ.

    - Jana

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සහෝදරයා...
      ඇත්තටම හිතට ඇතිවුන වේදනාවටමයි මේ යාං හෑල්ල ලියවුනේ...

      Delete
  2. 2022카지노 사이트 트트트트트 - Gambie
    트트트트트트트트트트트트트, 카지노, gri-go.com 사이트 카지노 사이트, 더킹카지노 몔알애로 안니니, 죭우 잤군, 뵰벜 출장안마 씠무, 리비, 코인 카지노

    ReplyDelete