![]() |
| පොලිස් අධිකාරි වෛද්‍ය රවීන්ද්‍ර බස්නායක |
ඉකුත්දා මම පොලිස් රෝහලට ගියෙමි. සහෝදරත්වයෙන්, මිත්‍රත්වයෙන් දිගු කලෙක සිට මා ඇසුරු කරන චරිත දෙකක් සමඟ එහිදී මා ගත් ඡායාරූප කීපයකුයි මේ. වෛද්‍යවරුන් ලෙස පොලිස් රෝහලේ සේවය කරන මේ දෙපල නිලයෙන් පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකි. ඔටුනු පලන් නිලධාරීන් වුවත්, කිසිදිනෙක ඒවා පැළදගෙන විරාජමාන වන්නට උත්සාහ නොදැරීම මා ඔවුන් තුලින් දුටු සුවිශේෂි ලක්ෂණයන්ය.
වෛද්‍ය ප්‍රතිකාර මතම ජීවිතය පවත්වාගෙන
යාමට සිදුව ඇති මට වෛද්‍ය රවීන්ද්‍ර බස්නායක මහතාගෙන් ඒ සඳහා ලැබෙන කාරුණික අනුග්‍රහය
අපමණය. රෝගී වු සෑම අවස්ථාවකදීම ඔහු මට දිගු කරන ජීවක දෑත මතින් නිරෝගීව මගේ දිවිය
තවත් පියවරක් ඉදිරියට තබන බවද සටහන් කලයුතුය. ඔහුගෙන් ලැබෙන මේ සහාය සැබැවින්ම විශාල
අස්වැසිල්ලකි.
![]() |
| පොලිස් අධිකාරි වෛද්‍ය ක්‍රිෂාන්ත විජේනායක |
වෛද්‍ය ක්‍රිෂාන්ත විජේනායක මහතා මට
හමුවන්නේ මුහුණු පොත හරහායි. සාහිත්‍යට ලැදි සාහිත්‍ය හොඳින් රසවිඳින සොඳුරු
වෙදැදුරු ඔහු මගේ සටහන් වලටද ලොබ බැඳුනෙකි. මේ
සොඳුරු හිතැත්තන් නිසා මා පොලිස් රෝහල වෙත පියනඟන්නේ ප්‍රියජනක හැඟීමකිනි.
තවත් හෙලිදරව් කලයුතු සුවිශේෂි කරුණක්
ඇත්තේය. පොලිස් රෝහලේ වසර දෙකක් පමණ මම නේවාසිකව ප්‍රතිකාර ලබා ඇත. වසර 18 ක් පුරා
ප්‍රතිකාර ලබාගන්නෙමි. මේ දක්වා පොලිස් රෝහලේ සේවය කරන අනෙකුත් ලොකු කුඩා සියලුම
නිලධාරීන් ද මට ප්‍රශංසනීය සේවාවක් සපයන බව සටහන් නොකොලොත් මා ඔවුන්ට කරන
අසාධාරණයකි. පොලීසිය ගැන වෙනස් මතයන් හා විවේචන මා හට ඇති මුත්, පොලිස් රෝහලත්,
එහි සේවය කරන කාර්යය මණ්ඩලයේ සියලුම දෙනාගේ සේවයත්,එක සිතින් මට ඇගයීය හැක.
මට හමුවන සොදුරු මිනිසුන් ගැන මෙලෙස මම
සටහන් තබන්නේ රටට දැයට වැඩි වැඩියෙන් මෙවැනි මිනිසුන් බිහිවේවා යැයි ප්රාර්ථනයෙනි.

