තල්අරඹේ මතකයන්
- My Paintings (29)
- අලුත් අත්දැකීම් (7)
- ආබාධිත පොලිස් නිලධාරියෙකුගේ දින සටහන් (7)
- ඉරණම තීන්දු කල රාජකාරිය (11)
- තල්අරඹේ මතකයන් (6)
- රාජකාරි දිවියේ රසබර සිදුවීම් (1)
- රැඳුණ ජීවිතය (5)
- සිත තාම තරුණයි (12)
- සොඳුරු මිනිසුන් (1)
Tuesday, April 27, 2021
ජීවිතේ තවත් එක් අත්දැකීමක් 03.
ජීවිතයේ තවත් එක් අත්දැකීමක්... 2 වන කොටස.
Driving කියන්නේ මගේ Hobby එකක්....
මේ කොටසින් මම කියන්න උත්සාහ කරන්නෙ මෝටර්රථ කාර්මික අංශයේ කාරණා
ටිකක්..
ඒ අංශයට කැමති නැති කෙනෙක් නම් මම ලියන මේ දේවල් Greek
වගේ
වෙන්න පුළුවන්...😂😂😂
ඔය ස්ත්රී පාර්ශවයේ අයට විශේෂයෙන්ම...😂😂😂
ඉතින්..., මුලින්ම මම අවධානය යොමු කලේ කුමණ
ආකාරයේ වාහනයක් මට සුදුසු වෙයි ද කියලයි....
පොලීසියේ ඉන්න කාලෙත් මම පැද්දේ ජීප්...
ඉතින් මම ආශම වාහනේ වුනේ ජීප්...
ජීප්, ජීප් කියන කොට සමහර American Jeep වර්ගයේම Jeep
පාවිච්චි
කරන අය ඒකට කැමති නෑ...😂
ඒත් ඉතින්..., කරන්න දෙයක් නෑ, ලංකාවේ 4wheel SUV හදුන්වන්නේ ඔය නමින් තමයි...
පොලිසියේ තියෙන Toyota Land cruiser එක, Mitsubishi pajero එක, Mahindra scorpio එක පොදුවේ හදුන්වන්නේ Jeep
කියන
නමින්....
ඒක අපේ බස් වහරට ඇවිල්ලා ඉවරයි...
කතාව ටිකක් වෙන පැත්තකටත් ගියා වගේ...😂 සමාවෙන්න ඒකට...😭
හරි දැන් ඔන්න ආයෙත් කතාවට යමු...
ඉතින් වාහන වලින් මම ආශම Jeep වලට නිසා මම අවධානය යොමු කරේ මගේ ඒ
ආශාව කොහොම හරි ඉෂ්ට කරගන්නයි...
ඒත් ඉතින්..., ඒ ගැන සමහර මගේ හිතවතුන් විරුද්ධ මත ප්රකාශ කලා මෙන්න මෙහෙම...
" ඔයාට ජීප් එකක් හරියන්නෙ නෑ..., ඔයාට හරියන්නේ පොඩි කාර් එකක්..."
"ඔය ජීප් නඩත්තු කරන්න හරි අමාරුයි...."
" ඔය පරණ වාහන අරගෙන අමාරුවේ වැටෙන්න එපා...! "
ඔය වගේ නොයෙකුත්, මගේ මතයට විරුද්ධ මත තමයි මට අහන්න
සිද්ධ වුනේ...😂😂😂
මොන කරුමයක්ද මන්දා මට නිතරම
හම්බ වෙන්නේ ඒ වගේ, බැ යන්නෝ,
නැ
යන්නෝ....😂😂
එහෙමත් නැත්නම්.....,
යම් වැඩක් කරන්න යනකොටම
ඕක හරියන්නේ නෑ....,
ඕක අමාරුයි...., වගේ පූර්ව නිගමන තුල ඉදගෙන උපදෙස්
දෙන්නන්...😭
අන්තිමට වෙන්නේ මම හිතුවක්කාර වෙන එක....😂
පසුගාමි අදහස් වලින් මට උදව් කරන්න ආව ඒ ඈයින්ට කුදගහගන්න කියලා...
මම තීරණය කලා Jeep
එකක්ම
මිලදී ගන්න...
ඒකට බලපෑව කාරණා තමයි....,
අපේ රටේ බහුතරයක් දෙනා ආබාධිත පුද්ගලයෝ ගැන හිතන්නේ ටිකක්
අවතක්සේරුවෙන්....
එයාල හිතන්නේ එයාලගේ අනුකම්පාව යටතේ අපි ජීවත් විය යුතුයි කියලා...
ඔය පොඩි කාර් එකක්...,
ත්රී වීල් එකක් එලෙව්වට කමක් නෑ....
ඒත්....,
Jeep එකක්....???
ඒක හොද වැඩියි අබ්බගාතයෙකුට....😂😂😂😂
ඔන්න ඔය මානසිකත්වය කඩන්නත්
මට ඕනි වුනා.....
ඒ වගේම මට රෝද පුටු දෙකක් යන
තැනකට ගෙනියන්න වෙනවා...
Wash room wheelchair එකකුත් පාවිච්චි කරන්න සිද්ධ වෙලා තියෙන නිසා..
කොලඹ ඉදලා ගමේ යනකොට ඔය දෙකයි, මගේ බඩුයි,
සේරම
එකතු වුනාම කාර් එකක හිතන්න වත් බෑ....
ගමේ ආවමත් මගේ සහෝදරයින්ගේ
ලමයි, ඒ ලමයිගේ ලමයි... ඔය ඔක්කොටම Transport දෙන්න ගියාම ලොරියක් තිබුනත් මදි...😂😂
අනිත් විශේෂම කාරණයක් තමයි.....
පාරට වාහනේ දැම්මට පස්සෙ මග මරුවන්ගෙන් බේරෙන්න...
ඒ වගේම දුෂ්කර මාර්ගයක වුනත් කරදරයක් නැතිව ගමන් කරන්න පුළුවන්
වීම....
ඔය පොඩි පොඩි වලවල්, ගැටිති උඩින් අපහසුවකින් තොරව යන්න...
ඉතින් ඔය අවශ්යතාවයන්
සියල්ල සපුරා ගන්න පහසු නිසා තමයි., Jeep එකක්ම මිලදී ගන්න තීරණය කලේ...
ඉතින්, මිත්රවරුනි...,
SUV 4wheel Jeep එකක් හොයන්න මාකට් එකට බැස්සම තමයි මට තරු විසි
වුනේ....😢
මගේ උපන් වර්ෂයට ආසන්න කාලෙදි නිශ්පාදනය කරපු එකක් වත් හිමි කරගන්න එක
ලේසි, පාසු නෑ කියලා පෙනුනා...
ඒත්.., ඉතින් ලේසියෙන් යමක් අතාරින සිරිතක්
මගේ නෑ නේ....💪😃
ඔන්න හොයාගෙන යනකොට,
මගේ බජට් එකට හරියන,
පෙනුමත්
හොද, ඉංග්රීසි අකුරු තියෙන, සැප පහසුව උපරිම,
පිකප්
එකත් උපරිම තියෙන, 4wheel SUV එකක් හම්බ වුනා...
හැබැයි මේක නිශ්පාදනය කරලා තිබුනේ ඉන්දියාවේ... ඒ නිසා තමයි මගේ බජට්
එකට හරිගියේ... 😃
ඒත්..., ඉතින් ඔන්න ආයෙත් මට නොයෙකුත් අවවාද
ලැබෙන්න පටන් ගත්තා....
"හපෝ... ඔය ඉන්දියන් ලඩි ගන්න එපා...!!!
හැමදාම ගරාජ්වල ඉන්න වෙයි, ඕක ආයි විකුණන්න නම් හම්බ වෙන්නේ
නෑ.... සදාකල් ඔබ මගේ තමයි...
ඔය වගේ කොච්චර උපදෙස් ලැබුනත්, හිතුවක්කාර මම මගේ අදහස වෙනස් කලේම
නෑ...
ඔය බාධක රැසක් මැද මම දැන් පාවිච්චි කරන Mahindra
Scorpio Jeep එක මිලදී ගත්තා....
මේ Jeep එක ලංකාවට ගෙන්නලා තිබුනේ 2003 දී,
අපේ
රටේ මැති ඇමතිලට, පාවිච්චි කරන්න..
ඒ නිසා මේ Jeep රථය VIP ලාට පාවිච්චියට සුදුසු පරිදි නිශ්පාදනය කරලා තියෙනවා...
මේක 2.6 enging capacity එකක් තියෙන,
Intercooler Turbo
GLX 7 Seats රථයක්...
ඔන්න ඔහොම කොහොම හරි මම රථයක් මිලදී ගත්තා.
හැබැයි මේක Manual gear පද්ධතියක් තියෙන රථයක්...
මගේ ටාගට් එකට යන්න නම් Auto gear පද්ධතියක් තිබිය යුතුයි....
ඉතින් ඊළඟට මට මුහුණ දෙන්න සිද්ධ වුනේ ඒ අභියෝගය ජයගන්නේ කොහොමද කියන
එකටයි...
ඊළඟ කොටසින් මම ඔබ හමු වෙන්නම් කොහොමද මම ඒ අභියෝගය ජයගත්තේ කියලා
කියන්න....
01. වෙනි කොටසට.
ජීවිතයේ තවත් එක් අත්දැකීමක්... 1 කොටස.
Driving කියන්නේ මගේ Hobby එකක්....😃
දෙපා අප්රාණික වෙලා රෝද පුටුවක ජීවත් වෙන්න සිද්ධ වුනාම මට ඇති වුන විශාල දුකක් තමයි නැවත වාහනයක් පදින්න හම්බ වෙන එකක් නෑ කියන එක...😢
ඒත්...,
නැවත වහනයක් පදින එක අභියෝගයක් වුනත්, ඒ අභියෝගය කෙසේ හෝ ජයගත යුතු යැයි මුලින්ම මගේ
හිතේ දැඩි අධිෂඨානයක් ඇති වුනා ...💪
එදා මම මුහුණ දුන් ඒ අභියෝගය අද වෙන කොට ජය අරගෙන අවසන්...😃
අද මම 4Wheel SUV රථයක් පදින්නෙක්.. 🚘
නිතියානුකූලව එය පැදවීමට අවශ්ය සියලු බලපත්ර ද සහිතව...✍
ඉතින් අද ඉදලා පියවරෙන් පියවර ඒ අභියෝගය මම ජයගත් ආකාරය මුහුණු පොතට
එක් කරන්න හිතුවා....✍
විශේෂයෙන්ම මගේ ඒ අත්දැකීම්
මම වගේම ආබාධිත තත්ත්වයට පත්ව දෙඅත් පමණක් ක්රියා කරන දෙපා අප්රාණික
මිනිස්සුන්ට අත්වැලක් සපයයි කියලා හිතුනා...
ඒ වගේම දිගින් දිගටම ආබාධිත කෙනෙක් කොහොමද රියදුරු බලපත්රයක්ලබාගන්නේ
කියන එක විමසන හැමෝටමත්, මේ සටහන් පෙල ප්රයෝජනවත් වේවි.
ඉතින් ඊළඟ කොටසේ සිට මගේ ඒ
අත්දැකීම ඔබ වෙත ගෙන එන්න අවසරයි....😃😃😃
#Hand_control_device
#invalid_carriage
#Handicap_driving
#මානුෂිකවාදී_නොවන_හානි_පූර්ණය_කිරීමේ_අසාධාරණ_නීතිය...
රාජ්ය සේවයේ යෙදී සිටින ඔබ සියලුම දෙනා අවධානය යොමු කල යුතුම කරුණක්
මේ...
#මානුෂිකවාදී_නොවන_හානි_පූර්ණය_කිරීමේ_අසාධාරණ_නීතිය...
මේ කාරණය ඔබට ප්රිය නොවන්න පුළුවන්. ඒ වගේම බෝරින් මාතෘකාවක්
වෙන්නත් පුළුවන්....😂
ඒත්, කීපදෙනෙකුට හෝ මේක වැදගත් වෙයි කියලා
හිතුන නිසයි මේ පෝස්ට් එක දාන්නේ...
ජීවිතය කියන්නේ හරිම අනපේක්ෂිත
දෙයක්... ඊළඟ මොහොතේ අපට කුමක් සිදු වේදැයි සක්කරයටවත්, කිසිම සාත්තර කාරයෙකුටවත්, කියන්න බෑ....
වාසනාව අවාසනාව ජීවිතයට ඇතුල්
වෙන්නේ අපි හීනයකින් වත් නොහිතපු, නොපතපු වෙලාවල්වල...
මේක ඉතාමත් සංකීර්ණයි විස්තර කිරීමට...
ඒ නිසා මාවම උදාහරණයට අරගෙන මේ ගැන පැහැදිලි කරන්නම්....
වයස අවුරුදු 30 ක් වෙනකම් මමත් ඔබ වගේ නිරෝගී, දෙපයින් ඇවිද ගිය පුද්ගලයෙක්...
අවුරුදු 10 ක් උප පොලිස් පරීක්ෂක වරයෙක් ලෙස රාජ්ය
සේවයේ යෙදුන කෙනෙක්...
අද ඔබ සිතන පරිදි, එදා මමත් හීනෙකින්වත් හිතුවේ නෑ රාජකාරිය කරන්න ගිහින් ඉදිරි ජීවිත
කාලයම රෝද පුටුවක ගතකරන්න වෙයි කියලා...
ඒත්, මුලු ජීවිතයම කනපිට හරවමින් ඒ දේ සිද්ධ
වෙන්න ගත වුනේ එක ක්ෂණයයි....
ඒ අවාසනාවන්ත ඉරණමට මුහුණ දීලා, රෝද පුටුවේ ගතකරන 21 වෙනි අවුරුද්ද මේ...
තවත් කෙනෙක් ගේ ආධාරයක් උපකාරයක් නැතිව දෛනික කටයුතු ටිකවත් ඉටු
කරගැනීමට නොහැකි තත්ත්වයෙන් ගත කරන මේ ජීවිතය තුල මා ලබපු අත්දැකීම් අපමණයි...
ඒ ලබපු අත්දැකීම් තුලින් අද මම ඔයාලට කියන්න යන්නේ ස්වකීය රාජකාරිය ඉටුකිරීමට ගොස් ආබාධිත වන රාජ්ය නිලධාරීන්ට වන්දි ලබාදීමට නිකුත් කර ඇති රාජ්ය
පරිපාලන චක්රලේඛ වල තිබෙන දෝෂයන් හා අසාධාරණයන් සම්බන්ධවයි.
මේ චක්ර ලේඛන සකස් කරපු උගත් ඇත්තෝ
ප්රයෝගික තත්ත්වයන් කිසිවක් සැලැකිල්ලට නොගෙන,
මානුෂීය තත්ත්වයන් කිසිවක් ගැන ද සැලැකිල්ලක් නොගෙන, කිසිදු පදනමක්ද නැතිව තමයි
මේවා නිකුත් කරලා තියෙන්නේ....😭😢
ස්වකීය රාජකාරිය ඉටුකරන්න
ගිහිල්ලා දෑස්, දෙපා, දෙඅත් හෝ මොලයට හෝ සුෂුම්නාවට සිදු වු අනතුරක්
නිසා පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වෙලා සේවයෙන් ඉවත් වන්නට සිදුවන නිලධාරීන්ට,
රාජ්ය පරිපාලන චක්රලේඛ 22/93 IV වෙනි සංශෝධනය අනුව වැටුප් ගෙවන්නේ වයස අවුරුදු 55 දක්වා පමණයි...
🛑 ඒ කියන්නේ හානිය පූර්ණය කිරීම අවුරුදු 55 දී නතර කරනවා...
ඇත්තටම එහෙම හානිය පූර්ණය නතර
කිරීම දැඩි අසාධාරණ,
අමානුෂික
තත්ත්වයක්...
එහෙම හානි පූර්ණය නතර කරන්න නම්...,
♦️ඇස් අන්ධ වුන අයට අවුරුදු 55 දී නැවත ඇස් පෙනෙන්න පටන් ගන්න ඕනි....
♦️කකුල් කපපු අයගේ කකුල් ආයෙමත් ලියලන්නට ඕනි...
♦️රෝද පුටුවලට,
ඇදන්
වලට සීමා වෙලා ජීවත් වුන අයට නැවැත දෙපයින් ඇවිදගෙන යන්න පුලුවන් වෙන්න ඕනි...
♦️ඔවුන්ගේ ශරීරවලට සිද්ධ වෙලා තියෙන හානියත්, අවසන් වෙන්න ඕනි...
ඒත්...,
වයස අවුරුදු 55 දී ඔය එකක්වත් සිද්ධ වෙන්නේ නෑ නේ...
සිද්ධ වෙලා තියෙන හානිය ජීවිතාන්තය දක්වාම පවතිනවා, තව ටිකක් හානිය වැඩි වෙලා...
මේ චක්ර ලේඛන හදපු ලොකු මොලවලට චූට්ටක්වත් ඒක දැනිලා නෑ...
ඔවුන් හිතලා තියෙන්නේ, තීරණය කරලා තියෙන්නේ, අවුරුදු 55 න් පස්සේ සිද්ධ වෙලා තියෙන හානිය
අවසානයි කියලයි...
මෙතනදී පැන නගින බරපතල ගැටලුව තමයි එහෙම තීරණයක් ගත්තේ මොන වගේ
පදනමකින් ද කියන එක...
ඊළඟට මේ අය දක්වන තවත් කාරණයක් තමයි 55 න් විශ්රාම නිසා විශ්රාම වැටුප විතරයි දෙන්න
පුළුවන් කියලා...
ඒකත් අනතුර සිද්ධ වෙනකොට සේවා කාලය අවුරුදු 10 කට වැඩි අයට විතරයි...
අනිත් අයට විශ්රාම වැටුපක් වත් නෑ...
ඔන්න ඕකයි ඇත්ත කනගාටුදායක තත්වය රාජ්ය සේවයේ, මහත්වරුනි...
කෙනෙකුට විශ්රාම වැටුපක් ගෙවන්නේ හානි පූර්ණය කරන්න නෙවෙයි....
විශ්රාම වැටුප් දෙන්නේ. විශ්රාම වැටුප් ව්යවස්ථාවේ ප්රති පාදන
යටතේ...
රාජ්ය සේවයේ සියලුම දෙනාට හිමි වරප්රසාදයක් ඒක...
අනිත් කාරණය තමයි අවුරුදු 55 දක්වා වැටුප් ගෙවන්නේ පූර්ණ ආබාධිත වුන අයට විතරයි...
කකුලක්, අතක්, ඇහැක් වගේ අවයවයක් අහිමි වුන අයට ගෙවන්නේ
වන්දියක් විතරයි....
උදාහරණයකට කකුලක් කපපු කෙනෙකුට ගෙවන්නේ අවුරුදු 6 ක විතර වැටුප වන්දියක් හැටියට...
අවුරුදු 6 කට පස්සේ ඒ තැනැත්තට ආපහු කකුලක්
ලැබෙයි කියලා හිතලද මන්දා මේ රාජ්ය පරිපාලන චක්රලේඛ 22/93 නිකුත් කරලා තියෙන්නේ....😂
මේක ඉතාමත් අසාධාරණ, අමානුෂික තත්ත්වයක්...
ස්වකීය රාජකාරිය ඉටුකරන්න
ගිහිල්ලා කෙනෙක්ට සිදු වන හානිය ජීවිතාන්තය දක්වා පවතිනව නම්, ඔවුන්ට හානි පූර්ණය කල යුත්තේ
ජීවිතාන්තය දක්වාමයි...
මේ බහු බූත,
ප්රයෝගික
නොවන, අමානුෂික චක්ර ලේඛන නිසා ස්වකීය
රාජකාරිය ඉටුකිරීමට ගොස් විපතට පත් වුන රාජ්ය සේවකයන් අද අනන්තවත් දුක්
විදිනවා...
ඔවුන්ට නිසි ලෙස හානි පූර්ණයක්සිදු වෙලා නැති නිසා...
ඔවුන්ගේ ජීවිත වල ඒ අවාසනාවන්ත තත්ත්වය ගැන අනිත් රාජ්ය සේවකයින් කිසිවෙකුට හැඟීමක්, දැනීමක් ඇත්තෙත්, නෑ...
තමන්ට එවැනි අවාසනාවන්ත තත්ත්වයකට පත් වෙන කම්....
මෙවැනි කනගාටුදායක අවාසනාවන්ත තත්ත්වයකට පත් වෙලා ඉන්නේ ඉතාමත්
සුළුපිරිසක්....
ඒ නිසා ඔවුන්ගේ ජීවිත වල දුක්බර කතාන්තර සමාජය දන්නේ නෑ...
ඔබ දන්නේ නෑ...
ඔවුන් වෙනුවෙන් හඬක් නඟන්න කිසිවෙක් නෑ....
මෙවැනි තත්ත්වයක් මත මුලු අනාගත දිවියම බොඳ වී, ශාරීරිකව, මානසිකව හා ආර්ථිකව අන්ත අසරණ තත්ත්වයට
පත්ව
ජීවත් වන්නට මේ පිරිසට සිදුව තිබෙනවා....
හෙට මේ පිරිස අතරට ඔබද එක් විය හැකියි...
ඒ නිසා මේ අසාධාරණ වන්දි
පූර්ණ ක්රමවේදයට එරෙහිව,
සහකම්පනයෙන්යුතුව
කටයුතු කරන්න රාජ්ය සේවයේ ඔබ හැමට ආරාධනා කරමි....
ප්රදීප් ද සිල්වා
සභාපති
ශ්රී ලංකා පොලිස් විරු සංගමය.
Sunday, January 17, 2021
මහජන ආරක්ෂාව වෙනුවෙන් ජීවිත පූජා කළ පොලිස් නිලධාරීන්ට අද අත්ව ඇති දුක්ඛිත ඉරණම
මහජන ආරක්ෂාව පිළිබඳ ගරු අමාත්ය තුමනි, පොලිස්පති තුමනි, පොලිස් සුබ සාධක අංශය නියෝජනය කල, ජේෂ්ඨ නියෝජ්ය පොලිස්පති වරුනි, නියෝජ්ය පොලිස්පති වරුනි, අධ්යක්ෂ වරුනි.., ඇමතිතුමා හැර අනෙක් නිලධාරි මහත්වරුනේ...., ඔබේ හෘද සාක්ෂියට එකඟව මොහොතක් සිතා බලන්න...., ඔබ ඔබේ රාජකාරිය, වගකීම හා යුතුකම මේ නිලධාරීන් වෙනුවෙන් ඉටුකොට ඇද්ද කියා...
කියවන්න මේ සත්ය කතාව.
හිටපු පොලිස් සැරයන් ජයලත් පොලිස් සේවයට එක්වන්නේ 1984 වසරේදී. පොලීසියේ අවුරුද්දක සේවා කාලයෙන් අනතුරුව ඔහු පොලිස් විශේෂ කාර්යය බලකායට එක්වන්නේ එදා රට තුල ඉස්මතු වී සිටි රුදුරු ත්රස්තවාදීන්ට එරෙහිව සටන් බිමට පිවිසීමටය. එසේ පොලිස් විශේෂ කාර්යය බලකායට එක් වු ජයලත්, පුරා වසර 11 ක් ක්රියාන්විත රාජකාරියේ නිරත වේ. ඉන් අනතුරුව 1996 වර්ෂයේ දී
ඔහු විශේෂ කාර්යය බලකායෙන් ඉවත්ව, සාමාන්ය පොලිස් රාජකාරි සදහා පොලිස් සැරයන් වරයෙකු ලෙස එකතු වෙයි.
ශ්රී ලංකා පොලීසියේ සාමාන්ය පොලිස් රාජකාරිය වු නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ රාජකාරිය ඉහලින් ම ඉටු කරන්න ඉන්පසු ඔහුගේ දායකත්වය ලබාදේ.
ජලත් අවසන් වරට සේවය කර ඇත්තේ කෑගල්ල විශේෂ පොලිස් ඒකකයේ.
මේ වකවානුවේ මිනී මැරුම් 3 ක් හා ස්ත්රී දූෂණ 21 ක් ඇතුලු අපරාධ රැසක් කල පාතාල මැරයෙක් කෑගල්ල යෝදගම ප්රදේශයේ ජනතාව බිය වද්දමින් සිටියේය.
(ගරු අමාත්යතුමනි.., ඔබතුමා වෙහෙසෙන්නේ මෙවැනි පාතාල දාමරිකයන්ට නීතිය ක්රියාත්මක කර මහජනතාවට බියෙන් සැකෙන් තොරව ජීවත් වීමට හැකි සමාජයක් ගොඩනැගීමටයි.)
ඒ 1998 මැයි 31 වෙනිදා මධ්යම රාත්රියයි. ජයලත් ඇතුලු විශේෂ ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් මේ අපරාධකරු අත් අඩංගුවට ගැනීමට මෙහෙයුමක් දියත් කලහ.
නිලධාරීන් පිරිස අපරාධකරු රැදී සිටි නිවස වටලා ඔහුව අත් අඩංගුවට ගැනීමට ක්රියාත්මක වෙයි. අපරාධකරු අත්අඩංගුවට ගැනීමේ අභිලාෂයෙන් නිවස තුලට ප්රථමයෙන් ගමන් කරන්නේ ජයලත්ය. එහෙත්, ජයලත් අපේක්ෂා නොකල පරිදි පාතාල මැරයා කට්ට කරුවලේ සිට එකවරම ජයලත් වෙත ඇසිඩ් ප්රහාරයක් එල්ල කරයි. ඒ ඇසිඩ් ප්රහාරයෙන් එතෙක් ලෝකය බැලු ජයලත්ගේ ඇස් දෙකම පිච්චී විනාශ වී යයි. මුහුණ ද පිච්චී විකෘති වෙයි. එදා ඒ දරණු වේදනාව උහුලා ගත නුහුණුව ජයලත් සිහි විකල් ව දැඟලු අයුරු සිතුවම් පටක් සේ මට මෙන් ඔබට ද මැවෙනු ඇතැයි විශ්වාස කරමි. ඒ බිහිසුණු අනතුරෙන් පසු ජයලත් දෙඇස් අඳ ආබාධිතයෙකු බවට පත් වේ.
රට වෙනුවෙන්, පොලීසිය වෙනුවෙන්, සේවය කරන්නට ගොස් දෑස් අන්ධ වී සදාකාලික ආබාධිතයෙකු වීම ඔහුට දරාගැනීමට හැකි වුවත්, ඔහුට දරාගැනීමට නොහැකි වුනේ ඔහුගේ ඇස් දෙකේ වටිනා කමේ තක්සේරුව දැනගත් විටය.
එය රු 3,25,000 කි. ඔහුට ලබාදී තිබුනේ එම වන්දි මුදල පමණි. රැකියාව අහිමි ව ආබාධිතයෙකු ලෙස අන්ධකාර ලෝකයක ජයලත් ට තනිවන්නට සිදු වුනේ, මේ සොච්චම් වන්දි මුදල සමඟය. ඉදිරි ජීවිත කාලය, ඔහුටත් දරු දෙදෙනටත්, බිරිඳටත් මේ මුදලින් ජීවත්වීම දැවැන්ත අභියෝගයක් විය.
එතැන් පටන් ජයලත්ගේ ජීවිතයට දුක් කරදර, ආර්ථික අපහසුකම් පැමිණියේ ලොරි ගනනින්ය...
තමන් මුහුණ පා සිටින අනුවේදනීය තත්ත්වය ගැන අභියාචනා සිය ගනනක් පොලිසියේ බලධාරීන් සියලුම දෙනා වෙත ඔහු යවා ඇත. කීප අවස්ථාවකම කන වැල අල්ලාගෙන ගොස් උසස් නිලධාරීන් ද හමු වී තම දුක් ගැනවිල්ල ඉදිරිපත් කර ඇත. එහෙත් පොලීසියේ උසස් නිලධාරීන් කිසිවෙකු ජයලත් ට සංවේදී වී නැත. ජයලත් ඔවුන් ගෙන් ඉල්ලා සිටියේ එක් සහනයකි. එනම් ත්රස්තවාදි ප්රහාර වලින් ආබාධිත වු නිලධාරීන්ට සේ තමන්ට ද මාසික වැටුප් ලබාදෙන ලෙසයි. බලධාරීන් ඔහුට දන්වා ඇත්තේ කිසිසේත් එසේ කල නොහැකි බවයි. රාජ්ය පරිපාලන චක්රලේඛ 22/93 පරිදි සාමාන්ය රාජකාරියේදී තුවාල ලබන නිලධාරීන්ට මාස 60 ක වැටුප වන්දිය හැටියට ලබාදෙනවා හැරෙන්නට, වෙනත් විකල්පයක් නොමැති බව ඔවුන් දැනුම් දී ඇත.
බලධාරීන් ගේ අසංවේදිතාව හමුවේ ජයලත් අන්ත අසරණ තත්වයට පත්විය. එදා මෙහෙයුම් රාජකාරියේ නිරතව සිටියදී ත්රස්තවාදි ප්රහාරයකට තමන් ලක් නොවුනේ වාසනාවකට යැයි සිතාගෙන හිටියත්, ඇත්ත වශයෙන්ම එය ඔහුගේ අවාසනාවට බව සිය දහස්වර සිතෙන්නට පටන් ගත්තේය.
රටේ මහජන ආරක්ෂාව, නීතිය, සාමය ආරක්ෂා කීරීමට යෑමේදී අනතුරුවලට මුහුණ දී විපතට පත් වු නිලධාරීන් ලක්වූයේ කුඩම්මාගේ සැලකිල්ලටය. ඔවුන් ඉටුකල උදාර කැපකිරීම් අවතක්සේරුවට ලක් කිරීම නිතරම සිදු වුනි. ඔවුන්ගේ දුක් ගැනවිලි වලට කිසිදු බලධාරියෙකු ඇහුන්කන් නොදුන්නේය.
2009 දක්වා වසර 10 ක් පමණ මේ පොලිස් විරුවාට ජීවිතය ගැටගසාගන්න සිදු වුනේ පෙර කී රු 325000/= ක වන්දි මුදලින්ය.
ජයලත් ගේ ජීවිතය සේම මේ කතාව ලියන මගේ ජීවිතය ද 1999 සිට රෝද පූටුවකට සීමා වුනේ මේ රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ රාජකාරියක නිරතව සිටියදී මුහුණ දීමට සිදු වු වෙඩි පහරක් හේතුවෙනි. එම සිදුවීමේ සියලු තොරතුරු මෙම Link එක http://pradeepdesilvablog.blogspot.com/2018/07/01.html?m=0
හරහා කියවීමට ආරාධනා කරන්නේ එසේ නැතහොත් මේ ලිපිය තවත් දික්වෙන නිසාය.
රාජ්ය පරිපාලන චක්රලේඛ 22/93 පරිදි මටද වන්දි ලෙස ලැබුනේ රු 3,76,000/= ක් පමණි. ජයලත් මෙන් මමද පොලීසියේ බලධාරීන්ට 1999 සිට 2008 දක්වා අභියාචනා සිය ගනනක් යැව්වේ ලබාදුන් වන්දි මුදල ජීවත්වීමට කිසි සේත් ප්රමාණවත් නොවන, සාධාරණ හෝ යුක්ති සහගත ද නොවන බව දන්වාය.
එහෙත් බලධාරීන් කිසිවෙක් අපේ දුක අසන්නට, අපේ ගැටලු වලට විසදුම් දෙන්නට ලෑස්ති නොවීය. ඔවුන් අවසානයේ දන්වා සිටියේ නැවත සහන ඉල්ලා අභියාචනා එවමින් කරදර නොකරන ලෙසයි. (ඔවුන් එලෙස අවවාද කර එවු ලිපි තවමත් සුරැකිව මා ලග ඇත.)
පොලීසියේ බලධාරීන්ගේ අසංවේදී ප්රතිචාර හමුවේ අපි තව තවත් මානසිකව ද අන්තයටම කඩා වැටුනි.
එහෙත් කිසි දිනක අයුක්තිය අසාධාරණය හමුවේ ඔලුව පාත් කරන ස්වභාවයක් මා තුල නොවීය. මා තුල වු සහජ හැකියාවන් හා දක්ෂතාවන් නිසා බොහෝ උසස් නිලධාරීන් ඇසුරු කිරීමේ භාග්යය ද මේ වන විට මට ලැබී තිබුණි. එසේ ඇසුරු කරන්නට ලැබුන නිලධාරීන් අතරින් හිටපු විශ්රාම වැටුප් අධ්යක්ෂ ජනරාල්වරයෙකු වු කේ.ඒ. තිලකරත්න මහතා අප මුහුණ දී සිටින අසාධාරණ තත්ත්වය ගැන දැඩි සේ සංවේදී වීය. එහි ප්රතිපලයක් ලෙස, එතුමාගේ දැඩි කැපවීම හා මැදිහත්වීම මත රාජ්ය පරිපාලන චක්රලේඛ 22/93 IV වෙනි සංශෝධනය සිදු කර රාජකාරියේ දී අනතුරුවලින් පූර්ණ ආබාධිත වන රාජ්ය නිලධාරීන්ට මාසික වැටුප් හිමිකම ලබා දෙන ලදී.
ඇත්තටම එය අප මෙන්ම පොලිස් දෙපාර්තමේන්තුව ලැබූ සුවිශාල ජයග්රහණයක් විය. ඒත්, පොලීසියේ බලධාරීන්ගේ හැසිරිම ඉතාමත් අවාසනාවන්ත විය. ඔවුන් මෙම චක්ර ලේඛනයේ අතපසු වීමකින් සදහන්ව තිබු, සැලකිල්ලක් දැක්වීමට කිසිසේත් අවශ්ය නොවු එක් වචනයක් අල්ලාගෙන මාස ගනනක් වැටුප් ලබා නොදී අපව රස්තියාදු කලහ. ඔවුන් මුලින් අපට දැනුම් දුන්නේ සහන සලසන්න චක්ර ලේඛ, අණ පණත් නොමැති බවයි. එහෙත් චක්ර ලේඛ අණ පණත් සාදා දුන් විට ඔවුන්ගෙන් ලැබුනේ මෙවන් පහත් ප්රතිචාරයක්ය.
සිදුකරන අසාධාරණකම් හමුවේ යක්ෂයා ආරූඪ වී සිටි මම දිනක් පොලිස් සුබසාධක අංශයට ගොස් සුද්ධ සිංහලෙන් සිංහල භාෂාව ද උගන්වා චක්ර ලේඛය ක්රියාත්මක කරවා ගත්තෙමි. මේ චක්රලේඛය සංශෝධනය කිරීම නිසා ජයලත්ටත්, මටත්, රාජකාරිය ඉටුකිරීමට ගොස් පූර්ණ ආබාධිත වු පොලිස් නිලධාරීන් රැසකට ද ඉන්පසු මාසිකව වැටුප් ලබාගැනීමට හැකි වුනි.
මේ නිලධාරීන් අතර වෙඩි ප්රහාරයකින් පූර්ණ ආබාධිතව රෝද පුටුවක ජීවත් වන නිලධාරියෙකු වූ රෝහනට , නැවත වැටුප් ලැබෙන්නේ වසර 16 කට පසුය. ඔහුට වන්දි ලෙස ලබාදී තිබුනේ රු 94,500/= ක මුදලක් පමණි. වසර 16 ක් ඔහුට ජීවත් වීමට සිදුව තිබුනේ එම මුදලිනි. ඔහුට මෙන්ම, අනෙක් පූර්ණ ආබාධිතව දැඩි ආර්ථික දුෂ්කරතා මැද දිවි ගෙවු නිලධාරීන්ට ද මේ චක්රලේඛය සංශෝධනය කිරීමෙන් සැලසුනේ අති විශාල සහනයකි.
රෝද පුටුවේ ජීවත් වන උප පොලිස් පරීක්ෂකවරයෙක් හැටියට, පූර්ණ ආබාධිත වු නිලධාරීන්ට විශාල සහනයක් අත්කරදෙන්නට පුද්ගලිකව එලෙස මට හැකි වුවත්, සැබැවින්ම, නිලය, බලය යටිතල පහසුකම් සියල්ල තිබුනත්,තම යුතුකම, වගකීම ඉටුකරන්න පොලීසියේ උසස් නිලධාරීන්ට අවශ්යතාවක් නොතිබුනි.
1998 සිට 2009 දක්වා සිටි පොලිස්පතිවරුන් හා පොලිස් සුබසාධක අංශයේ අධ්යක්ෂවරයා දක්වා උසස් නිලධාරීන් තම යුතුකම හා වගකීම ඉටුකිරීම පැහැර හැර තිබුනි.
වර්තමානයේ ද මේ තත්ත්වය එසේමය.
දැන් නැවතත් ජයලත්ගේ කතාවට යමු. ජයලත්ට වැටුප් ලබාගැනීමට හැකියාව ලැබුණේ 2016 දක්වා පමණි. වයස අවුරුදු 55 සම්පූර්ණ වු නිසා ඉන් අනතුරුව ඔහුට වැටුප් ලබාදීම නතර කර ඇත. දැන් ඔහුට ලැබෙන්නේ විශ්රාම වැටුපක් පමණි. සියලුම දීමනා සමග එය රු 26500/= කි. දැන් ඔහුට යැපෙන්නට සිදු වී ඇත්තේ මේ මුදලිනි. මේ වන විට ජයලත්ට අතුරු ආබාධ රැසකට ප්රතිකාර ගන්නට සිදු වී ඇත. විරුවකු සේ රට වෙනුවෙන් සේවය කරන්නට ඉදිරිපත් වු නිලධාරියාට අද දහසකුත් දුෂ්කරතා වලට මුහුණ දෙමින් අන්ධකාර ලෝකයක සුසුම් හෙලමින් ජීවත් වන්නට සිදුව තිබේ. ජයලත් ගේ කතාව ඔහුගේ වචන වලින්ම අසන්නට අවශ්ය නම් මේ අංකයෙන් ඔහුව අමතන්න.
0352282500
ශ්රී ලංකා පොලීසියේ නීතිය සාමය ආරක්ෂා කිරීමට උදාර කැපකිරීම් කරන නිලධාරීන්ට අවසානයේ අත්කර දෙන ඉරණම මෙයද...? අපට බලධාරීන් ගෙන් විමසන්නට සිදුව තිබේ.....
නිලධාරීන් රාජකාරියේ යෙදවීම මෙන්ම, රාජකාරියක් ඉටුකිරීමට යෑමේදී විපතට පත්වන නිලධාරීන්ට තම වෘත්තීය ගරුත්වය ආරක්ෂා කරගෙන ජීවත් වීමට හැකි වටපිටාවක් සකසා දීමද පොලීසියේ ජේෂ්ඨ නිලධාරීන්ගේ වගකීම හා යුතුකම බව ඔවුන් අමතක කොට තිබේ.
අප ආබාධිත වුවාට පසු පොලිස්පති ධූරයට පත් වී සිටින්නේ 8 වෙනි පොලිස්පති වරයායි. ගරු ඇමතිතුමනි...., ඔබතුමා පොලීසිය භාරව පත් වුන 10 වෙනි ඇමතිවරයායි. එහෙත්, තවමත් වසර 21 ක් තිස්සේ මානසික ව, ශාරීරිකව හා ආර්ථිකව දැඩි දුෂ්කරතා රැසකට මුහුණ දෙමින් පරාජිතයින් සේ මේ සමාජයේ අපට ජීවත් වන්නට සිදුව තිබේ.
ගරු අමාත්යතුමනි....,
රටේ ජනතාව වෙනුවෙන් යුක්තිය ඉටුකිරීමට ගොස් අයුක්තියට, අසාධාරණයට ලක්ව සිටින නිලධාරීන්ට කඩිනමින් යුක්තිය, සාධාරණය ඉටුකරීමට ඔබතුමාගේ අවධානය යොමු කරන මෙන් ඉල්ලා සිටින අතර මෙම ගැටලුව සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙනු ඇතැයි ද බලාපොරොත්තු වෙමි.
සභාපති
ශ්රී ලංකා පොලිස් විරු සංගමය.
0718186342
