Tuesday, April 27, 2021

ජීවිතයේ තවත් එක් අත්දැකීමක්... 1 කොටස.



Driving කියන්නේ මගේ Hobby එකක්....😃

දෙපා අප්‍රාණික වෙලා රෝද පුටුවක ජීවත් වෙන්න සිද්ධ වුනාම මට ඇති වුන  විශාල දුකක් තමයි නැවත වාහනයක් පදින්න හම්බ වෙන එකක් නෑ කියන  එක...😢

ඒත්...,

නැවත වහනයක් පදින එක අභියෝගයක් වුනත්, ඒ අභියෝගය කෙසේ හෝ ජයගත යුතු යැයි මුලින්ම මගේ හිතේ දැඩි අධිෂඨානයක් ඇති වුනා ...💪

එදා මම මුහුණ දුන් ඒ අභියෝගය අද වෙන කොට ජය අරගෙන අවසන්...😃

අද මම 4Wheel  SUV රථයක් පදින්නෙක්.. 🚘

නිතියානුකූලව එය පැදවීමට අවශ්‍ය සියලු බලපත්‍ර ද සහිතව...

ඉතින් අද ඉදලා පියවරෙන් පියවර ඒ අභියෝගය මම ජයගත් ආකාරය මුහුණු පොතට එක් කරන්න හිතුවා....

විශේෂයෙන්ම මගේ ඒ අත්දැකීම්  මම වගේම ආබාධිත තත්ත්වයට පත්ව දෙඅත් පමණක් ක්‍රියා කරන දෙපා අප්‍රාණික මිනිස්සුන්ට අත්වැලක් සපයයි කියලා හිතුනා...

ඒ වගේම දිගින් දිගටම ආබාධිත කෙනෙක් කොහොමද රියදුරු බලපත්‍රයක්ලබාගන්නේ කියන එක විමසන   හැමෝටමත්, මේ සටහන් පෙල ප්‍රයෝජනවත් වේවි.

ඉතින් ඊළඟ  කොටසේ සිට මගේ ඒ අත්දැකීම ඔබ වෙත ගෙන එන්න අවසරයි....😃😃😃

#Hand_control_device

#invalid_carriage

#Handicap_driving


No comments:

Post a Comment