Tuesday, April 27, 2021

#මානුෂිකවාදී_නොවන_හානි_පූර්ණය_කිරීමේ_අසාධාරණ_නීතිය...

රාජ්‍ය සේවයේ යෙදී සිටින ඔබ සියලුම දෙනා අවධානය යොමු කල යුතුම කරුණක් මේ...



#මානුෂිකවාදී_නොවන_හානි_පූර්ණය_කිරීමේ_අසාධාරණ_නීතිය...

මේ කාරණය ඔබට ප්‍රිය නොවන්න පුළුවන්. ඒ වගේම බෝරින් මාතෘකාවක් වෙන්නත් පුළුවන්....😂

ඒත්, කීපදෙනෙකුට හෝ මේක වැදගත් වෙයි කියලා හිතුන නිසයි මේ පෝස්ට් එක දාන්නේ...

ජීවිතය කියන්නේ හරිම අනපේක්ෂිත  දෙයක්... ඊළඟ මොහොතේ අපට කුමක් සිදු වේදැයි  සක්කරයටවත්, කිසිම සාත්තර කාරයෙකුටවත්,  කියන්න බෑ....

වාසනාව අවාසනාව ජීවිතයට ඇතුල්  වෙන්නේ අපි හීනයකින් වත් නොහිතපු, නොපතපු  වෙලාවල්වල...

මේක ඉතාමත් සංකීර්ණයි විස්තර කිරීමට...

ඒ නිසා මාවම උදාහරණයට අරගෙන මේ ගැන පැහැදිලි  කරන්නම්....

වයස අවුරුදු 30 ක් වෙනකම් මමත් ඔබ වගේ නිරෝගී, දෙපයින් ඇවිද ගිය පුද්ගලයෙක්...

අවුරුදු 10 ක් උප පොලිස් පරීක්ෂක වරයෙක් ලෙස රාජ්‍ය සේවයේ යෙදුන කෙනෙක්...

අද ඔබ සිතන පරිදි, එදා මමත් හීනෙකින්වත් හිතුවේ නෑ රාජකාරිය කරන්න ගිහින් ඉදිරි ජීවිත කාලයම රෝද පුටුවක ගතකරන්න වෙයි කියලා...

ඒත්, මුලු ජීවිතයම කනපිට හරවමින් ඒ දේ සිද්ධ වෙන්න ගත වුනේ එක ක්ෂණයයි....

ඒ අවාසනාවන්ත ඉරණමට මුහුණ දීලා, රෝද පුටුවේ ගතකරන 21 වෙනි අවුරුද්ද මේ...

තවත් කෙනෙක් ගේ ආධාරයක් උපකාරයක් නැතිව දෛනික කටයුතු ටිකවත් ඉටු කරගැනීමට නොහැකි තත්ත්වයෙන් ගත කරන මේ ජීවිතය තුල මා ලබපු අත්දැකීම් අපමණයි...

ඒ ලබපු අත්දැකීම් තුලින් අද මම ඔයාලට කියන්න යන්නේ  ස්වකීය රාජකාරිය ඉටුකිරීමට ගොස් ආබාධිත වන රාජ්‍ය  නිලධාරීන්ට වන්දි ලබාදීමට නිකුත් කර ඇති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ වල තිබෙන දෝෂයන් හා අසාධාරණයන් සම්බන්ධවයි.

මේ චක්‍ර ලේඛන සකස් කරපු උගත් ඇත්තෝ  ප්‍රයෝගික තත්ත්වයන් කිසිවක් සැලැකිල්ලට නොගෙන,   මානුෂීය තත්ත්වයන් කිසිවක් ගැන ද සැලැකිල්ලක් නොගෙන, කිසිදු පදනමක්ද  නැතිව තමයි  මේවා නිකුත් කරලා තියෙන්නේ....😭😢

 

 ස්වකීය රාජකාරිය ඉටුකරන්න ගිහිල්ලා දෑස්, දෙපා, දෙඅත් හෝ මොලයට හෝ සුෂුම්නාවට සිදු වු අනතුරක් නිසා පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වෙලා සේවයෙන් ඉවත් වන්නට සිදුවන නිලධාරීන්ට,   රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 22/93 IV වෙනි සංශෝධනය අනුව  වැටුප් ගෙවන්නේ වයස අවුරුදු 55 දක්වා පමණයි...

🛑 ඒ කියන්නේ හානිය පූර්ණය කිරීම අවුරුදු 55 දී නතර කරනවා...

ඇත්තටම එහෙම හානිය පූර්ණය නතර  කිරීම දැඩි අසාධාරණ, අමානුෂික තත්ත්වයක්...

එහෙම හානි පූර්ණය නතර කරන්න නම්...,

ඇස් අන්ධ වුන අයට අවුරුදු 55 දී නැවත ඇස් පෙනෙන්න පටන් ගන්න ඕනි....

කකුල් කපපු අයගේ කකුල් ආයෙමත් ලියලන්නට ඕනි...

රෝද පුටුවලට, ඇදන් වලට සීමා වෙලා ජීවත් වුන අයට නැවැත දෙපයින් ඇවිදගෙන යන්න පුලුවන් වෙන්න ඕනි...

ඔවුන්ගේ ශරීරවලට සිද්ධ වෙලා තියෙන හානියත්, අවසන් වෙන්න ඕනි...

ඒත්...,

වයස අවුරුදු 55 දී ඔය එකක්වත් සිද්ධ වෙන්නේ නෑ නේ...

සිද්ධ වෙලා තියෙන හානිය ජීවිතාන්තය දක්වාම පවතිනවා, තව ටිකක් හානිය වැඩි වෙලා...

මේ චක්‍ර ලේඛන හදපු ලොකු මොලවලට චූට්ටක්වත් ඒක දැනිලා නෑ...

ඔවුන් හිතලා තියෙන්නේ, තීරණය කරලා තියෙන්නේ,  අවුරුදු 55 න් පස්සේ සිද්ධ වෙලා තියෙන හානිය අවසානයි කියලයි...

මෙතනදී පැන නගින බරපතල ගැටලුව තමයි එහෙම තීරණයක් ගත්තේ මොන වගේ පදනමකින් ද කියන එක...

ඊළඟට මේ අය දක්වන තවත් කාරණයක් තමයි 55 න් විශ්‍රාම නිසා විශ්‍රාම වැටුප විතරයි දෙන්න පුළුවන් කියලා...

ඒකත් අනතුර සිද්ධ වෙනකොට සේවා කාලය අවුරුදු 10 කට වැඩි අයට විතරයි...

අනිත් අයට විශ්‍රාම වැටුපක් වත් නෑ...

ඔන්න ඕකයි ඇත්ත කනගාටුදායක තත්වය රාජ්‍ය සේවයේ, මහත්වරුනි...

කෙනෙකුට විශ්‍රාම වැටුපක් ගෙවන්නේ හානි පූර්ණය කරන්න නෙවෙයි....

විශ්‍රාම වැටුප් දෙන්නේ. විශ්‍රාම වැටුප් ව්‍යවස්ථාවේ ප්‍රති පාදන යටතේ...

රාජ්‍ය සේවයේ සියලුම දෙනාට හිමි වරප්‍රසාදයක් ඒක...

අනිත් කාරණය තමයි අවුරුදු 55 දක්වා වැටුප් ගෙවන්නේ පූර්ණ ආබාධිත වුන අයට විතරයි...

කකුලක්, අතක්, ඇහැක් වගේ අවයවයක් අහිමි වුන අයට ගෙවන්නේ වන්දියක් විතරයි....

උදාහරණයකට කකුලක් කපපු කෙනෙකුට ගෙවන්නේ අවුරුදු 6 ක විතර වැටුප වන්දියක් හැටියට...

 අවුරුදු 6 කට පස්සේ ඒ තැනැත්තට ආපහු කකුලක් ලැබෙයි කියලා හිතලද මන්දා මේ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 22/93 නිකුත් කරලා තියෙන්නේ....😂

මේක ඉතාමත් අසාධාරණ, අමානුෂික තත්ත්වයක්...

 ස්වකීය රාජකාරිය ඉටුකරන්න ගිහිල්ලා කෙනෙක්ට සිදු වන  හානිය  ජීවිතාන්තය දක්වා පවතිනව නම්, ඔවුන්ට හානි පූර්ණය කල යුත්තේ ජීවිතාන්තය දක්වාමයි...

මේ බහු බූත, ප්‍රයෝගික නොවන, අමානුෂික චක්‍ර ලේඛන නිසා ස්වකීය රාජකාරිය ඉටුකිරීමට ගොස් විපතට පත් වුන රාජ්‍ය සේවකයන් අද අනන්තවත් දුක් විදිනවා...

ඔවුන්ට නිසි ලෙස හානි පූර්ණයක්සිදු වෙලා නැති නිසා...

ඔවුන්ගේ ජීවිත වල ඒ අවාසනාවන්ත තත්ත්වය ගැන  අනිත් රාජ්‍ය සේවකයින් කිසිවෙකුට හැඟීමක්, දැනීමක් ඇත්තෙත්, නෑ...

තමන්ට එවැනි අවාසනාවන්ත තත්ත්වයකට පත් වෙන කම්....

මෙවැනි කනගාටුදායක අවාසනාවන්ත තත්ත්වයකට පත් වෙලා ඉන්නේ ඉතාමත් සුළුපිරිසක්....

ඒ නිසා ඔවුන්ගේ ජීවිත වල දුක්බර කතාන්තර සමාජය දන්නේ නෑ...

ඔබ දන්නේ නෑ...

ඔවුන් වෙනුවෙන් හඬක් නඟන්න කිසිවෙක් නෑ....

මෙවැනි තත්ත්වයක් මත මුලු අනාගත දිවියම බොඳ වී, ශාරීරිකව, මානසිකව හා ආර්ථිකව අන්ත අසරණ තත්ත්වයට පත්ව 

ජීවත් වන්නට මේ පිරිසට සිදුව තිබෙනවා....

හෙට මේ පිරිස අතරට ඔබද එක් විය හැකියි...

ඒ නිසා  මේ අසාධාරණ වන්දි පූර්ණ ක්‍රමවේදයට එරෙහිව, සහකම්පනයෙන්යුතුව කටයුතු කරන්න රාජ්‍ය සේවයේ ඔබ හැමට ආරාධනා කරමි....

ප්‍රදීප් ද සිල්වා

සභාපති

ශ්‍රී ලංකා පොලිස් විරු සංගමය.


No comments:

Post a Comment