Friday, July 6, 2018

ඉරණම තීන්දු කල රාජකාරිය 07.

“ඒ වෙලාවේ අපිත් ආමර්ස්ට්‍රීට් එකට එන්ඩ ලේස්ති වෙලා හිටියේ..., මේ මිනියා කිව්වා එයාටත් කොටහේනට එන්ඩ තීනවා වෙඩකට... ඉතිං අපටත් පුළුවන් කීවා එයත් එක්ක වෑන් එකේ ආමර්ස්ට්‍රීට් යන්ඩ...’

සැකකරුත් සමඟ ඇය වෑන්රථයේ පැමිණීමට හේතුව පැහැදිලි කලේ ඒ අයුරිනි.

“හරි දැන් ඔයාල කුමාරත් එක්ක වෑන් එකේ කොටහේනට ආවා..., ඊට පස්සේ මොකද වුනේ..?”

සිද්ධිය වු ආකාරය ඇයගෙන් දැනගැනීමට මම වඩ වඩාත් උත්සුක වුයෙමි.

“කොටහේනෙදි අර මල්ලිලා ටික බැස්සා..., කුමාරත් බැස්සා..., ඊට පස්සේ එයාලට මොනවද කියලා කුමාර ආපහු ඇවිල්ලා වෑන් එකට නෙග්ගා...”

තරුණයන් ප්‍රකාශ කල පරිදිම සිදුවීම ගැන ඇයගේ ප්‍රකාශය ද සමානය. මේ මුදල් ගණුදෙනුව සම්බන්ධව මම තවදුරටත් ඇයව ප්‍රශ්න කලෙමි.

“එතකොට අර ලමයි කුමාරට සල්ලි දෙනවා දැක්කෙ නැද්ද...?”

මම ඇයට ප්‍රශ්නය යොමු කලේ අතිශයින්ම වැදගත් තොරතුරක් ලබාගැනීමේ අභිලාෂයෙනි.

“අපි එච්චර අවධානයෙන් හිටියේ නෑ සර් ඒ ගැන... එයාලත් එක්ක කතාකරලා කුමාර ඉක්මනට ඇවිල්ලා වෑන් එකට නෙග්ගා..., ඊට පස්සේ එයා අපිව ආමර්වීදියෙන් බස්සලා යන්ඩ ගියා....”

තරුණයන්ගේ ප්‍රකාශයත් සමඟ ඇයගේ ප්‍රකාශයේ පරස්පරතාවයක් නොවීය.

“ඇත්තටම ඔයාල දන්නේ නැද්ද කුමාර ඒ ලමයි එක්ක ඇවිල්ලා තියෙන්නේ රට යවන්න කියලා...?”

“අපි හිතුවා සර්..., මොකද එයාලව බෙස්සුවේ රත්නම් මෙඩිකල් සෙන්ටර් එක ගාවනේ..., අනික කුමාර මට කියලා තිබුනා එයාට කුරුණෑගල ඒජන්සියකුත් තීනවා... එයත් කට්ටිය රට යවනවා කියලා ..,

මම ඇයගෙන් ප්‍රශ්න කිරීම අවසන් කලෙමි.

“ජයසේකර GCIB එක මට පොඩ්ඩක් දෙන්න..”

මම බල අපරාධ පැමිණිලි සටහන් පොත නිලධාරියෙකුගෙන් ඉල්ලා සිටියෙමි. මම තරුණයන්ගේ පැමිණිල්ල නැවත පරීක්ෂාවට ලක් කළෙමි. ඒ අනුව මට නිරීක්ෂණය වූ කරුණ නම් සැකකරුට අවශ්‍ය වී ඇත්තේ කාන්තාවගේ ඒජන්සිය ඔහුගේ බව හැඟවීමටයි. ඔහු ඒජන්සිය හිමි කාන්තාව සමඟ මිත්‍රත්වයක් පවත්වා ගෙන ගොස් ඇත්තේ මෙම ව්‍යාජ රඟපෑමට අවශ්‍ය පසුබිම සකසා ගැනීම සඳහායි. එමෙන්ම කාන්තාවන් දෙදෙනා සැකකරු සමඟ වෑන් රථයේ යාමට පැමිණීම තුළින් ඔහුගේ උපක්‍රමය වඩාත් සාරවත් වී ඇත. සිදුවුණු මේ ක්‍රියාදාමයන් තුළ අවසානයේ තරුණයන්ට ඒත්තු ගොස් තිබුණේ මල්වත්ත පාරේ රැකියා ඒජන්සිය හිමිකරු කුමාර බවත් මෙම කාන්තාව හා තරුණිය ඔහුගේ සේවිකාවන් බවත්ය. එක් දිසාවකින් තරුණයන් මේ ආකාරයට රැවටීමකට ලක්කර තිබූ අතර කාන්තාවද රැවටීමට ලක්කර තිබුණේ ඔහුටත් රැකියා ඒජන්සියක් කුරුණෑගල තිබෙන බව හඟවමිනි. සැකකරු විසින් ඉතාමත් සූක්ෂ්මව හා උපක්‍රමශීලිව තරුණයන් සහ කාන්තාව දැවැන්ත රැවටීමකට හසුකරගෙන තිබුනි.

මගේ ඊළඟ පියවර වූයේ සැකකරු සමඟ දුරකථනය මාර්ගයෙන් සම්බන්ධතාවක් ගොඩ නගාගෙන ඉදිරි පරීක්ෂණ කටයුතු සිදුකිරීමටයි. දුරකථන ඇමතුම ලබාගන්නා ආකාරය හා සැකකරු සමඟ ඔහුට සැකයක් ඇති නොවන පරිදි සම්බන්ධතාවක් ගොඩනඟා ගන්න ආකාරය ඇතුලු සියලු උපදෙස් කාන්තාවට ලබාදීමෙන් අනතුරුව ඇය සැකකරුට දුරකථන ඇමතුමක් ලබාගත්තාය.

“Hello… ආ කුමාර මල්ලි..., මං ශ්‍රීනා අක්කා....“

“ ආ... Hellow අක්කා කොහොමද....ඉතිං.....?“

“ අපි හොඳින්…. මං මේ කතාකලේ මල්ලිට... අපට හදිසි Order එකක් ඇවිල්ලා තියෙනවා... හවුස්මේඩ්ලා 25 ක් යවන්න... ඔයාට පුළුවන් නම් මට කීපදෙනෙක් සෙට් කරලා දෙන්ඩ... මං ඔයාට එක්කෙනෙකුට 2500 ගානේ ගෙවන්නම්....“

කාන්තාව කිසිදු සැකයක් ඇති නොවන අයුරින් සැකකරු සමඟ සංවාදයක් ගොඩනඟා ගත්තාය. මම තවත් නිලධාරීන් දෙදෙනෙක් සමඟ මේ සංවාදය පටිගත කරමින් සිටියෙමි.

“ ආ... හොඳයි අක්කා මං බලන්නම්... මේ..., අර නංගි මොකද කියන්නේ....?

කතා බහ අතර තුරේදීත් සැකකරු ඔහුගේ මූලික අවශ්‍යතාව ඉටුකරගැනීමට මාන බලමින් සිටියේය. සත්තකින්ම මටත් අවශ්‍ය වී තිබුනේත් එයමය. ඔහුගේ දුර්වලතාවය උපයෝගී කරගෙනම ඔහු ඉක්මනින් කොටු කරගැනීමට හැකි බව මට තවදුරටත් ඒ තුලින් තහවුරු වුනි.

“ ආ මොකුත් නෑ මල්ලි... මං එළියට යනකොට ඔයාට කියලා යන්නං... එතකොට ඔයා මගේ office එකට call එකක් ගන්න... එතකොට එයා Answer කරනවනේ එතකොට ඔයා word එකක් දාලා බලන්න... හ....“

කාන්තාව ද උපරිම උත්සාහය දැරුවේ සැකකරු ඉක්මනින් නීතියේ රැහැනට හසුකර දීමටයි. ඇයටද ඇය මුහුණ දී සිටින කරදරකාරි තත්ත්වයෙන් ඉක්මනින් මිදීමට අවශ්‍ය වී තිබුනි.

“ආ….න්න අක්කා මරු වැඩේ.... මට එහෙම call එකක් දෙන්න කෝ…, thank you අක්කා... මම තව සති දෙකකින් විතර කොළඹ එන්නත් හිතං ඉන්නවා... එතකොට එන්නංකෝ බලලා යන්න ....“

ඔහුගේ කොළඹ පැමිණීම මේ අපරාධය සම්බන්ධව මගේ රාජකාරි කටයුතු ඉක්මනින් කෙලවර කිරීමට ලැබීමකි. ඔහුගේ ඒ ප්‍රකාශය සවනත වැකෙන විටම මගේ මුවඟට නිරායාසයෙන් සිහින් මදහසක් එක් වුනි.

“ ආ... හොඳයි මල්ලි... මගේ වැඩෙත් බලන්න... එන්න කලිං මට call එකක් දීලා එන්න....“

ඇය සැකකරුට එන්න කලිං call එකක් දෙන්න කිව්වේ අපටත් ඔහු පැමිණෙන දවස වේලාව වැදගත් වන නිසාය. 😂

“අනිවාර්යෙන්ම අක්කා… මං ඔයාට හෙට විතර call එකක් දෙන්නං කෝ… “

බලාපොරොත්තු වුවාටත් වඩා හොඳින් සංවාදය සිදු වුනි. දුරකථන සංවාදයෙන් අනතුරුව කාන්තාව මාදෙස බැලුවේ ඉතාමත් ජයග්‍රාහී විලාශයෙනි. උපක්‍රමයේ පලමු පියවර එලෙස ආරම්භ කිරීමට හැකි වීම ගැන අපි සියලු දෙනා සංතෝෂයට පත් වුයෙමු.

අදාල B වාර්තාව සැකසීමෙන් පසු කාන්තාවත්, තරුණියත් රැගෙන අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත පිටත්ව ගියේ ඔවුන් මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමටයි. නීතිඥවරයෙකුගේ සහායද අපි මැදිහත් වී ලබා දුන්නෙමු. අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන්ට ප්‍රමාදයකින් තොරව ඇප ලැබුනි. ඇප ලබාගැනීමෙන් පසු කාන්තාවත්, තරුණියත් අපෙන් සමුගෙන පිටත්ව ගියේ හැකි ඉක්මනින් මේ සැකකරු කොටු කරදීමට අවශ්‍ය සියලු සහායන් දක්වන බවට පොරොන්දුවය. අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවෙදී ඉතාමත් මුරණ්ඩුව හැසුරුනු ඇය අවසානයේ ඉතාමත් හිතවත් ආකාරයෙන් හැසිරීම ගැන මම සතුටට පත් වුනෙමි. මම ඉටුකරමින් සිටියේ මට පැවරී තිබුන රාජකාරියයි. එහිදී කිසිවෙකුගේ වෛරයට පාත්‍ර නොවී රාජකාරිය ඉටුකිරීමට ලැබීම එක්තරා විදියකට මා ලැබු භාග්‍යයකි.

පොලිස් ස්ථානයට නැවත පැමිණි විගස මම පරීක්ෂා කර බැලුවේ ලැබී ඇති පොලිස් පණිවිඩ පිළිබඳවයි. මා පුල පුලා බලාගෙන සිටි පණිවිඩය ගිරිබාව පොලිස් ස්ථානයෙන් ලැබී තිබුනි. ගිරිබාව පොලිස් ස්ථානය මඟින් අදාල ඩොල්ෆින් වර්ගයේ වෑන්රථය හා එහි හිමිකරු අත්අඩංගුවට ගෙන තිබුනි. මම ගිරිබාව පොලිස් ස්ථානයට දුරකථන ඇමතුමක් ගෙන වැඩිදුරටත් තොරතුරු විමසා බැලීමි. වෑන්රථයේ හිමිකරුගෙන් කුලී පදනම මත සැකකරු විසින් මෙම වෑන්රථය පාවිච්චි කිරීමට ගෙන තිබුනි.

මෙතෙක් පරීක්ෂණ කටයුතු වල ප්‍රගතිය මම ස්ථානාධිපතිවරයාට දැනුම් දුන්නෙමි. එවකට මගේ ස්ථානාධිපතිවරයා වුයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක බන්ධුල විජේවර්ධන මහතායි.

“ආ..., මේ ගිරිබාව පොලීසිය නේද...? “

“ඔව් සර්...”

උඹට පුළුවන් නම් මචං හෙට තවත් කාත් එක්ක හරි ගිහින් වෑන් එක අරන් එන්න...”

“Ok. .., සර් මම ගේන්නම්...”

ස්ථානාධිපතිවරයාගෙන් අවශ්‍ය අවසරය හා උපදෙස් ලබාගත්තෙමි. වෑන්රථයේ හිමිකරුගේ ප්‍රකාශය සටහන් කරගෙන ඔහු පොලිස් ඇප මත මුදාහැරීමටත් ඔහුට හැකි ඉක්මනින් කොටහේන පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ පෙනී සිටීමටත් දන්වා පොලිස් පණිවිඩයක් ගිරිබාව පොලිස් ස්ථානයට ලබාදුන්නෙමි.

පසු දා උදෑසන මම තවත් ආරක්ෂක සහායක නිලධාරියෙක් වු වික්‍රමසිංහත් සමඟ ගිරිබාව පොලිස් ස්ථානය වෙත යෑමට පිටත් වුනෙමි. පිටකොටුවට ගොස් කුරුණෑගල බලා ගමන් ගන්නා බස්රථයකට අප ගොඩවන විට වේලාව උදේ නමය පසු වී තිබුනි.

ගිරිබාවට මම ඊට පෙර ගොස් තිබුනේ නැත. මා සමඟ ගමනට එක්වු වික්‍රමසිංහගේ ගම් පලාත ගිරිබාවට ආසන්න ප්‍රදේශයක් වීම නිසා ගමනේ නුහුරු බව මඳක් ඉවත්ව යාවි යැයි සිතුනි.


අලි ප්‍රශ්නයකට මුහුණ දුන් ගමනක්  ලබන සිකුරාදාට.....


08 වෙනි කොටසට.

ඔබ මෙහි ආ බව සළකුණු කොට යන්නේ නම්, එය මගේ සංතුෂ්ටියයි....


51 comments:

  1. කියවමි...පොලිස් රාජකාරි වලින් අපි ඇහැට දකින්නෙ කොච්චර ඇබිත්තක්ද …..

    ReplyDelete
    Replies
    1. මම ලියා ඇත්තෙත් එයින් බෙබොහොම අල්පයක් පමණයි...
      අදහස් දැක්කුවාට Thank you... 😊😊

      Delete
  2. You have the skill...Good luck

    ReplyDelete
    Replies
    1. Thank you.. so much. for your lovely words 😊😊😊

      Delete
  3. කතාව සුන්දර ලෙස කුතුහලය සමගින් ඉදිරියට ගලාගෙන යනවා ..... නියමයි .....

    ReplyDelete
    Replies
    1. ඔබට බොහොම ස්තුතියි..

      Delete
  4. This is really great. Your writing style is awesome...keep up the good work sir

    ReplyDelete
    Replies
    1. Thank you so much for your lovely encouragement ccomment...
      🙇

      Delete
  5. ඔබගේ සැඟව තිබුනු සහජ දක්ෂතාවයක් මතුවෙලා - ලේඛන කලාව

    ReplyDelete
    Replies
    1. අහන්න සතුටක්...
      ඔබට බොහොම ස්තුතියි..
      😊

      Delete
  6. බ්ලොග් වැඩියෙ නොලියවෙන මේ කාලෙ මේක වටිනවා

    ReplyDelete
    Replies
    1. මේ අපේ වෛද්‍යතුමිය නේද ? බොහොම ස්තුතියි සටහනක් තැබුවාට... ��

      Delete
  7. අටම්ගෙන් ආවේ... මරු....මුල ඉඳන් එන්නම්කො

    ReplyDelete
    Replies
    1. හාකෝ.. හාකෝ... බලාගෙන යන්න කෝ... අටම්ගේ අපමණ සහායෙන් තමයි මේක අටවගත්තේ. �� එහෙනං බොහොම ස්තුතියි..

      Delete
  8. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ මරු මරු

      Delete
    2. ඔයාගේ අපමණ දායකත්වයෙන් තමයි... 😂
      මේ කමෙන්ට් ගැන නම් තව ටිකක් ඉගෙනගන්න වෙයි වගේ...

      Delete
    3. බ්ලෝගර් ෆෝපයිල් එක සිලෙක්ට් කරගන්න ..බ්ලොගගර් පෛයිල් එකෙන් කමෙන්ට් කරන්න

      Delete
  9. drop me a mail to,
    pmisb1986b@gmail.com

    pc68041 (former)

    බෙදාගන්න හොද මතක ටිකක් මගෙත් තියනවා....

    ReplyDelete
  10. නීතිය අකුරට ක්‍රියාත්මක කල ඔබ වැනි නිලධාරීන් නිසයි තවමත් මේ රට මේ විදිහට තියෙන්නෙ. අපි මේ සිදුවීම් බොහොම කැමැත්තෙන් කියවන බවත් විශේෂයෙන්කියන්න ඕනෙ. ඒකට මේ ලිවීමේ ෂයිලියත් එක් හේතුවක්.

    ReplyDelete
    Replies
    1. කසුන් මල්ලි..., ඔයාගේ ප්‍රතිචාර ඇත්තටම මට ලොකු ධෛර්යයක් ලබාදෙනවා...💪
      ඔබට බොහොම ස්තුතියි.. 🙏

      Delete
  11. //ටකොටුවට ගොස් කුරුණෑගල බලා ගමන් ගන්නා බස්රථයකට අප ගොඩවන විට// එස් අයි මහත්තුරුත් යන්න ඕනි බස් වලද?
    මාර සිස්ටම්

    ReplyDelete
    Replies
    1. කමනේට් කේස් එක හදපු එක ලොකු දෙයක්.

      Delete
    2. එහෙම තමයි... මල්ලි... අපි සිවිල් ඇඳුමෙන් යන්නේ... අනිත් එක පොලීසියටම තියෙන්නේ වාහන තුනයි... එකක් OIC ට.. එකක් Mess එකට අනිත් එක Mobile එකට... අපේ Crime branch එකට තිබුනේ GN250 බයික් එකක් විතරයි... අනෙක ගොඩක් දුරක්නේ ගිරිබාව කියන්නේ... ඉන්න මම ඊළඟ කොටසෙන් මේ ගැනත් note එකක් දාන්නම්...

      Delete
  12. හරිම ලස්සනයි .දිගටම ලියන්න

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි.. මේ පැත්තේ ආවට 😊

      Delete
  13. ඒක තමයි කථා පරක්කු උනේ. වැඩේ හොදටම හොදයි දැන් දිගටම blog තමයි update එවන්න

    ReplyDelete
    Replies
    1. ඒකත් එක හේතුවක් තමයි.. හැම සිකුරාදාම කොටසක්⁣ දාන්න තමයි බලාපොරොත්තුව... බොහොම ස්තුතියි.. ඔබතුමාට 🙏

      Delete
  14. කුමාරව අල්ලගන්න චාන්ස් එක තියෙද්දී වෑන් එක අත්අඩංගුවට ගන්න එක පොඩ්ඩක් පහු කලානම් හොඳ නැද්ද. ඔවුන් අතරේ කිට්ටු ඇසුරක් තිබුනානම් කුමාර ආයේ කොටහේනේ නොඑන්න ඉඩක් සැළසෙනවා නේද ඒ හරහා...
    කොහොම නමුත් අගේ ඇති සටහන් පෙළක්, කමෙන්ට් දාන්න පහසු විදිහට සැකසුම හදල දෙන්න ඇත්තේ අටම වෙන්න ඕනේ...

    ReplyDelete
    Replies
    1. පොරොන්දු වුනාට නාවොත්...? අනික වෑන් එක කුලියට දීපු මිනිහට ඕන කොහොම හරි වෑන් එක බේරගන්න... ඌ බේරන එක කෙසේ වෙතත් ඉන්න තැන කරදරයක් නැතිව අපට දැනගන්න පුළුවන් මිනිහගෙන්. ගොඩක් මිනිස්සු ඉස්සර වෙලා බලන්නේ තමන් කොහොමද පොලීසියෙන් බේරෙන්නේ කියලා 😂😂😂 අපොයි ඔව් අටං මල්ලි ගේ සම්පූර්ණ දායකත්වය හැමදේටම ලැබුනා...
      ඔබට බොහොම ස්තුතියි.. 🙏

      Delete
  15. අපූරුයි... අපූරුයි.. අපූරුයි
    අටං තමා පාර කිව්වේ.. දැන්නං රජෝ දිගටම එනවා... ඒ කියන්නෙ ඔයාට දිගටම ලියන්න වෙනවා...
    ජයවේවා...

    ReplyDelete
    Replies
    1. Ha..ha... 😂 අපූරු කමෙන්ට්ටුව... Thank you so much....

      Delete
  16. Excellent writing. Keep on writing. You have the talent. I finished the entire blog in one go.
    Cant wait till the next article

    ReplyDelete
    Replies
    1. Thank you so much for your lovely comment... 😊
      Highly appreciated
      👍

      Delete
  17. oke ithiri tika danna labana friday wenakam inna epa.

    ReplyDelete
    Replies
    1. ඊට කලින් දාන්න බලන්නම්..
      බොහෝම ස්තුතියි මේ පැත්තේ ආවට ... 🤗🙏

      Delete
  18. අටම්ගෙන් ආවේ,එල.. මුල ඉඳන් එන්නම්කො. I`m back to read blogs. After long time.

    ReplyDelete
    Replies
    1. බොහොම අගෙයි, ස්තුතියි..ඔබට... 🙏
      නැවත පැමිණෙන්න ...

      Delete
  19. What I like about this is, no political, racial or religious nonsense here. Only good real story. Thanks, Wijebahu

    ReplyDelete
    Replies
    1. Its happy to hear me...
      Thank you so much for your words... highly appreciate

      Delete
  20. නියමයි අයියා

    ReplyDelete
    Replies
    1. Thank you මල්ලි........
      ඔයාගේ කතාවත් ලියන්න... අපේ කතා සමාජයෙන් සැඟවුන කතා.... පොලීසිය අපි කාටත් අයිති පොදු දේපලක්... රටේ දියුණුවට මූලික අඩිතාලම වැටිය යුත්තේ නීතිය නිසිආකාරව ක්‍රියාත්මක කිරීමෙන්.. ඒ කටයුත්ත සිදුකරන පොලිස් නිලධාරියා නිරතුරුවම ශක්තිමත්ව සිටිය යුතුයි... ඒත අපේ ශක්තිය කඩා බිඳ දමන යකඩ සපත්තු ගැන අපි හෙලිදරව් කල යුතුමයි... නිවැරදි දියුණු පොලීසියක් බිහිවන්නට නම්...

      Delete