Sunday, September 30, 2018

රැඳුන ජීවිතය 05



“සර්.... සර්.....“

සිතිවිලි අතර සිටි මම ඒ ආමන්ත්‍රණයෙන් පියවි සිහියට පැමිණියෙමි.  කොටහේන පොලිස් ස්ථානයේ ආරක්ෂක සහායක නිලධාරියෙකු වු  වික්‍රමසිංහ මා ඉදිරිපිට විය.

“සර්... දැන්ද මෙහාට ගෙනාවේ.... “

මගේ හිස පිරිමදිමින් ඔහු විමසුවේය.

“ දැන් ටිකක් වෙලා... කොහොමද දන්නෙ මම මෙහාට ගෙනාවා කියලා...?

පාලු වාට්ටුවක තනිවම අතරමංව සිටි මට ඔහුගේ පැමිණීම පුදුමයක් ගෙන දුනි.

“පොලිස් පෝස්ට් එකෙන් අපට දැනුම් දුන්නා සර්.....“

මා නොදන්නා බොහෝ දේ සිදුවෙමින් තිබේ. රෝහල් පොලීසිය නිරන්තරයෙන් මා සම්බන්ධව තොරතුරු කොටහේන පොලිස් ස්ථානයට දැනුම් දෙමින් තිබී ඇත.  කොටහේන පොලිස් ස්ථානයෙන් මගේ උවටැන් කටයුතු සඳහා මේ නිළධාරියා  එවා ඇත්තේ ඒ අනුවය. වික්‍රමසිංහගේ පැමිණීම  මට මහත් අස්වැසිල්ලක් විය. මේ නිළධාරියාද මා සමඟ රාජකාරි කටයුතු වල නියැලුන අයෙකි. එබැවින් ඔහු මට සමීප අයෙකු ද විය.

වික්‍රමසිංහ පැමිණෙන තෙක් මම සිටියේ තනිවමය. ඇඳන් හත අටක් මා සිටි කොටසේ  තිබුන ද  ඒවායේ රෝගීන් කිසිවෙක් නොවීය. ආතුර වු ගත මෙන්ම මගේ සිතද නිසා ආතුරවන්නට පටන් ගෙන තිබුනි. වික්‍රමසිංහගේ පැමිණීම මේ නිසා මගේ සිතට යෝධ ශක්තියක් ගෙන ආවේය.

එකවිටම මට කැස්සක් ඇති වුනි. එය ක්‍රමයෙන් දැඩි විය. ඒ සමඟම පපුව තුළ රුධිරය සමඟ එක්රැස් වී තිබූ සෙම ඉවත දැමීමට අවශ්‍ය විය. නමුත් ඒ සඳහා වාට්ටුව තුල අවකාශයක් නොවීය. මගේ එම අවශ්‍යතාව වික්‍රමසිංහ සපුරාලුයේ සේලයින් බෝතලයක් කපා ගෙනැවිත්ය. කසින විට රුධිරය සමඟ පිටවන සෙම මම එම සේලයින් බෝතලයට දැමුවෙමි. ඔහු කිසිඳු පිළිකුලක් නොදක්වා ඒවා ඉවත දැමීමටද ගෙන ගියේය. ඔහු ඉටුකල මේ කාර්යය මගේ සිතේ තදින් සනිටුහන් විය. මට අප්‍රමාණ වූ සෙනෙහසක් ඔහු කෙරේ ඇති විය. ඕඩික්ලෝන් දමා මගේ හිස පිරිමදිමින් හිස රුදාවෙන් සිටි මට ඔහු ලබාදුන්නේ විශාල සහනයකි. ඔහු නිසා මගේ හිසටද, සිතටද සහනයක් ලැබුණි.

“කෝ.... කොහෙද මේ කැන්‍යුලා එක ගහලා තියෙන්නේ.....? මේක මෙතන ගහලා හරි යන්නේ නෑ.... අතට ගහන්න ඕන....“
රාත්‍රි ඹෟෂධ ලබාදීමට පැමිණි හෙද නිලධාරියා මා අසලට පැමිණියේ චෝදනාවක් ද එල්ල කරමිනි.

ඖෂධ හා සේලයින් ලබා දීමට කැන්‍යුලාව සවිකර තිබුණේ මගේ පාදයේය. එය දුටු හෙද නිළධාරියා දෝෂාරෝපණය කළේ එය මවිසින් සිදුකල ක්‍රියාවක් සේය. දැඩි සත්කාර ඒකකයේ සිටිද්දී එක දිගටම මගේ අත්වලට කැන්‍යුලා සවි කර තිබු බැවින් අත් ඉදිමී දැඩි වේදනාවක් ගෙන දුනි. එහිදී මගේ ඉල්ලීම පරිදි ඔවුන් මගේ පාද වලට කැන්‍යුලා සවි කරන ලදී.  පාදවලින් කිසිදු දැනීමක් නොවු හෙයින් කොපමණ කටු ඇන්නත් මට වේදනාවක් නොදැනුන නිසා එහි වාසිය මම අත්කරගෙන සිටියෙමි. ඒ වගේම ක්‍රියාකාරීත්වයේ තිබෙන මගේ අත් දෙක පරිස්සම් කරගැනීමට වෙනදාට වඩා මම උනන්දු වුණෙමි.

හෙද නිළධාරියා මගේ අතකට කැන්‍යුලාවක් සවි කළේ බොහෝ උත්සාහයක් ගෙනය. කැන්‍යුලාව සවි කිරීමට කීප අවස්ථාවක්ම ඔහු උත්සාහ දැරූ නිසා එය මට අධික වේදනාවක් ගෙනදුනි.  72 වාට්ටුවේදී හමු වූ හෙද හෙදියන් දැඩි සත්කාර ඒකකයේදී හමු වූ හෙද හෙදියන් තරම් කාරුණික නැතැයි මට සිතුණි. ඔවුන්ගේ ආමන්ත්‍රණයන්ගේ වෙනස්කම් අත්වින්දෙමි. වාට්ටුවල රෝගීන් විශාල පිරිසකට සේවය සැලසීමට ඔවුන්ට සිදුව තිබෙන නිසා එක් රෝගියෙන් අසළ රැඳී සිටීමටද ඔවුන්ට වැඩි කාලයක් නොතිබිණි. මේ කාරණා නිසා ඔවුන්ගෙන් වැඩි කාරුණික ප්‍රතිචාරයන් බලාපොරොත්තු  නොහැකි විය.

“වැලිඔය ආමි කෑම්ප් එකකට ගහලා.... දැන් ඒ පේෂන්ට්ලා මෙහෙට ගේනවලු.....සර්...“
වික්‍රමසිංහ මට ආරංචියක් ගෙන ආවේය.

වැලිඔය සිට කොළඹට තුවාල ලැබු සෙබළුන් ගෙන ඒමට ගතවන කාලය තුළ මියයන සෙබළුන්ද සිටිය හැක. මට වැදුන වෙඩි පහර එවැනි ඈත ප්‍රෙද්ශයකදී වුවානම්, නිසැකවම ඒ ගෙන එන අතරතුරදී මා මිය යනු නියතය. මගේ ජීවිතය රැකුණේ ඉතාමත් කෙටි කාලසීමාවක් තුල රෝහල්ගත කල නිසාය. මට එකවිටම සිහිපත් වුයේ මා මෙන් වෙඩි ප්‍රහාරයන්ට ලක්වුවන්ට ජීවත්වීමට ඇති අවස්ථාව ගැනය.

1996 දී, මම උතුරේ  රිවිරැස මෙහෙයුමට සම්බන්ධව රාජකාරි කරද්දි  බෝම්බ වෙඩි ප්‍රහාර වලට ලක්වූ සෙබළුන් පලාලි රෝහලට ඇතුළු කරන විටම අවසන් සුසුම් හෙළන අවස්ථා බොහෝමයක් දැක ඇත්තෙමි.  යුධබිමේදී මියයන සෙබළුන්ගේ උණුලේ ගලන සිරුරු  කළු ඉටිරෙදි වල ඔතා ට්‍රක් රථ වලින් පලාලි වෙත ගෙන එයි. නැවත එම මෘත ශරීර සුදු ඉටි රෙදි වල ඔතා තම ළඟම ඥාතියා ගේ පොලිස් වසම සඳහන්  ලේබලයක් පාදයේ ගැටගසා වෙනත් ට්‍රක් රථයකට පටවා පලාලි ගුවන්තොටුපළ වෙත යවයි. තම ළඟම ඥාතියා ගේ නම සහ විස්තර සඳහන් ලේබලය දකිද්දී ඒ ඥාතින්ගේ සිත් වලට ඇති වන කම්පනය කොතෙක් විය හැකිදැයි මට සිතාගැනීමට නොහැකි වුනි. මගේ සොහොයුරාද එවකට උතුරු යුධ බිමේ සේවයේ යෙදී සිටි නිසා මට මෙය ඉතා තදින් දැනුනි. යුද්ධයේදී මියයන සෙබළුන්ගේ මෘත ශරීර ප්‍රවාහනයට වෙනම ට්‍රක් රථ හා සෙබළුන් යොදවා තිබුණි. එය එකම ක්‍රියාවලියකි. මෙය මගේ ජීවිතයේ මා දුටු  අතිශයින්ම සංවේගජනක ක්‍රියාවලියකි. ඕනෑම කෙනෙකුගේ ප්‍රාණය නිරුද්ධ සිරුර  මේ විශ්වයේ තිබෙන අනෙක් ගස්, ගල්, ගොඩනැගිලි වැනි භෞතික වස්තූන් හා සමාන වන බව දුටු මම අනියත ලෝ දහම තව දුරටත් ඒ තුලින් අවබෝධ කර ගතිමි.

එදින මධ්‍යම රාත්‍රිය වන විට තුවාල වූ සෙබළුන් විශාල පිරිසක් මා සිටි වාට්ටුවට ගෙන ආහ. වේදනාවන්ගෙන් කෑ ගසන කෙඳිරිගාන අය ඒ අතර බොහෝ විය. හුදකලාව තිබූ වාට්ටුව රෝගීන්ගෙන් පිරී ඉතිරිණි. ගිලන් ඇඳන් ප්‍රමාණයද මදි විය. රෝගීන් දෙදෙනෙකුට එක ගිලන් ඇඳක් පාවිච්චි කිරීමටද සමහරෙකුට ට්‍රොලි මතම හිඳින්නටද සිදුවිය.

“අර හෙඩ් ඉන්ජර්ඩ් පේෂන්ට්ව මේ ඇඳට දාන්න.... මෙයාගේ කකුල විතරනේ අමාරු....“

ඇඳන් වල සිටින රෝගී පරීක්ෂා කරමින් බරපතල තත්ත්වයේ රෝගීන්ට ඇඳන් ලබා දීමට හෙදියන් කටයුතු කළහ. තුවාල වල බරපතල තත්ත්වය මත රෝගීන්ට ඇඳන් හිමි වීම හෝ අහිමි වීම සිදු විය. මා බරපතල තත්ත්වයෙන් සිටි නිසා තනිවම ගිලන් ඇඳේ සිටීමට හැකිවිය. එය මට ඒ අවස්ථාවේ හැටියට වරප්‍රසාදයක් වුණි.

පසුදින සිට මගේ පවුලේ සාමාජිකයින්ට, ඥාතිහිතමිත්‍රාදීන්ට  හා පොලිස් නිළධාරීන්ට මුල්ම වරට මට සමීපව සුව දුක් විමසීමට අවස්ථාව උදා විය. මගේ පපු පෙදෙසට ඇතුළු කර තිබූ නාල දැක සමහරෙක් ක්ලාන්ත විය. කෙසේ වුවත් මගේ ජීවිතය දැඩි අවදානම් තත්ත්වයක තිබෙන බව මෙන්ම මා පිළිබදව බලාපොරොත්තු තබා ගත හැකි තත්ත්වයක් ඒ වන විටත් නොමැති බවත් ඔවුන්ට සිතෙන්නට ඇත. කඳුළු පිරි සෝබරිත මුහුණු ඒ බව මට කියා පෑවේය.

“ඔයා බයවෙන්න එපා... අපි ඔයාව තනි කරන්නේ නැහැ.....“

සියළු දෙනා මට ජීවත් වීමට එලෙස දිරි දුන්හ. එතෙක් කලක් මෙතරම් විශාල පිරිසකගේ දැඩි අවධානයට සෙනෙහසට මෙන්ම ආශිර්වාද ලැබීමට මා පාත්‍රවී නොමැත. මේ කුළුදුල් අත්දැකීමෙන් මම සියුම් ආශ්වාදයක් ලැබූවෙමි. එයින් සිරුරේ වේදනා කැක්කුම් මෙන්ම හිතේ තිබූ දුක්ඛිත හැගීම්ද පහව ගොස් යම් ආරක්ෂාකාරී හැගීමක් සිතට දැණුනි.

“අපි නම් හිතුවේ නෑ මචං.... උඹත් එක්ක ආයෙත් මෙහෙම කථා කරන්න පුළුවන් වෙයි කියලා....“

කොටහේන පොලිස් ස්ථානයේ මගේ සමීපතම මිතුරා වූ උප පොලිස් පරීක්ෂක රවි රත්නායක පැවසුවේය.

“අපට ආරංචිය ලැබුණේ ඔයාට පාතාලෙන් වෙඩි තිබ්බා කියලා.... අර මෝගන් අල්ලන්නත් එක්කනේ out එක දාලා තිබුණේ.... ඉතිං... අපි හිතුවේ ඒ ගිහින් මොකක් හරි ඇටෑක් එකක් වෙලා කියලා... ආරංචිය ලැබුණ ගමන් අපි ඔක්කොම එළියට බැස්සා තුවක්කු අරං... වෙඩි තියපු උන් හොයන්න....“

“ඉතිං... කවුරුවත් කිව්වෙ නැද්ද මිස්ෆයර් එකක් කියලා....“

“ නෑ... රාළහාමිලා තුන්දෙනාම අඬ අඬා  සර්ට වෙඩි වැදුණා කියලා විතරයි කිව්වේ.... පස්සේ උන් ටිකක් නෝමල් වුණාම තමයි ඇත්ත සිද්ධිය කිව්වේ..... මුළු පොලිසියම එදා මළගෙයක් වගේ.... මම නයිට් S.D.O. පැයෙන් පැයට මම ICU  එකට call කරලා අහනවා ඔයාට සිහිය ආවද කියලා.... OIC මහත්තයාත් නිදාගත්තේ නැහැ..... පාන්දර 2ට විතර OIC මහත්තයා කථා කරලා කිව්වා කෝවිලට ගිහින් පඬුරක් ගැට ගහන්න කියලත්... අපි කාටවත් එදා රෑ නින්ද ගියෙත් නෑ......“

රත්නායක මා මුහුණ දුන් අනපේක්ෂිත අනතුරින් පසු පොලිස් සථානයේ ඇති වූ තත්ත්වය එක හුස්මට  විස්තර කළේය. මට ළබැඳිව කටයුතු කළ ස්ථානාධිපති ඇතුළු සියළුම නිළධාරීන් කෙරෙහි මා සිත තුළ කෘතඥතාපූර්වක හැඟීමක් ඇතිවිය.

“එක්සිඩන්ට් වෝඩ් එකේ කාමරයකට අරන් ඩොක්ටර්ස්ලා මාව බලන කල්ම මට සිහිය තිබුණා..... ඉන් පස්සේ මොනවා වුණාද කියන්න මම දන්නේ නෑ......“

තව කොටසක් ලබන සතියේ...


Monday, September 24, 2018

රැඳුන ජීවිතය 04


“කෝ දැන් අපි ඔයාගේ මේ බෙල්ලට ගහලා තියෙන කැන්‍යුලා එක ගලවමු....“

Saturday, September 22, 2018

සොඳුරු මිනිසුන් 01

පොලිස් අධිකාරි වෛද්‍ය රවීන්ද්‍ර බස්නායක

 කුත්දා  මම පොලිස් රෝහලට ගියෙමි. සහෝදරත්වයෙන්, මිත්‍රත්වයෙන් දිගු කලෙක සිට මා ඇසුරු කරන චරිත දෙකක් සමඟ එහිදී මා ගත්  ඡායාරූප කීපයකුයි මේ. වෛද්‍යවරුන් ලෙස පොලිස් රෝහලේ සේවය කරන මේ දෙපල නිලයෙන් පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකි. ඔටුනු පලන් නිලධාරීන්  වුවත්, කිසිදිනෙක ඒවා පැළදගෙන විරාජමාන වන්නට උත්සාහ නොදැරීම මා ඔවුන් තුලින් දුටු සුවිශේෂි ලක්ෂණයන්ය.

වෛද්‍ය ප්‍රතිකාර මතම ජීවිතය පවත්වාගෙන යාමට සිදුව ඇති මට වෛද්‍ය රවීන්ද්‍ර බස්නායක මහතාගෙන් ඒ සඳහා ලැබෙන කාරුණික අනුග්‍රහය අපමණය. රෝගී වු සෑම අවස්ථාවකදීම ඔහු මට දිගු කරන ජීවක දෑත මතින් නිරෝගීව මගේ දිවිය තවත් පියවරක් ඉදිරියට තබන බවද සටහන් කලයුතුය. ඔහුගෙන් ලැබෙන මේ සහාය සැබැවින්ම විශාල අස්වැසිල්ලකි. 
පොලිස් අධිකාරි වෛද්‍ය ක්‍රිෂාන්ත විජේනායක

වෛද්‍ය ක්‍රිෂාන්ත විජේනායක මහතා මට හමුවන්නේ මුහුණු පොත හරහායි. සාහිත්‍යට ලැදි සාහිත්‍ය හොඳින් රසවිඳින සොඳුරු වෙදැදුරු ඔහු මගේ සටහන් වලටද ලොබ බැඳුනෙකි.  මේ සොඳුරු හිතැත්තන් නිසා මා පොලිස් රෝහල වෙත පියනඟන්නේ ප්‍රියජනක හැඟීමකිනි.

තවත් හෙලිදරව් කලයුතු සුවිශේෂි කරුණක් ඇත්තේය. පොලිස් රෝහලේ වසර දෙකක් පමණ මම නේවාසිකව ප්‍රතිකාර ලබා ඇත. වසර 18 ක් පුරා ප්‍රතිකාර ලබාගන්නෙමි. මේ දක්වා පොලිස් රෝහලේ සේවය කරන අනෙකුත් ලොකු කුඩා සියලුම නිලධාරීන් ද මට ප්‍රශංසනීය සේවාවක් සපයන බව සටහන් නොකොලොත් මා ඔවුන්ට කරන අසාධාරණයකි. පොලීසිය ගැන වෙනස් මතයන් හා විවේචන මා හට ඇති මුත්, පොලිස් රෝහලත්, එහි සේවය කරන කාර්යය මණ්ඩලයේ සියලුම දෙනාගේ සේවයත්,එක සිතින් මට ඇගයීය හැක.

මට හමුවන සොදුරු මිනිසුන් ගැන මෙලෙස මම සටහන් තබන්නේ රටට දැයට වැඩි වැඩියෙන් මෙවැනි මිනිසුන් බිහිවේවා යැයි ප්‍රාර්ථනයෙනි.     


Tuesday, September 18, 2018

Look

Watercolor on Arches paper,
Size 24" X 18",
Framed with 3" mount & perspex glass

Next

Eco Friendly Transport

Watercolor on Arches paper,
Size 30" X 23",
Framed with 3" mount & perspex glass

The Greatness

Watercolor on Arches paper,
Size 30" X 23",
Framed with 3" mount & perspex glass

Next

I'm thirsty

Watercolor on Arches paper,
Size 30" X 23",
Framed with 3" mount & perspex glass

Colombo Clock Tower - Large

Watercolor on Arches paper,
Size 30" X 23",
Framed with 3" mount & perspex glass

Us

Watercolor on Arches paper,
Size 30" X 23",
Framed with 3" mount & perspex glass

Waiting

Watercolor on Arches paper,
Size 24" X 18",
Framed with 3" mount & perspex glass

Warmth of the love

Watercolor on Arches paper,
Size 30" X 23",
Framed with 3" mount & perspex glass

Full of freedom lives

Full of freedom lives
Watercolor on Arches paper,
Size 30" X 23",
Framed with 3" mount & perspex glass

Home of the pillars

Watercolor on Arches paper,
Size 30" X 23",
Framed with 3" mount & perspex glass

Galle Face Colombo - 1890 -1900

Watercolor on Arches paper,
Size 36" X 28",
Framed with 3" mount & perspex glass

Its fun

Watercolor on Arches paper,
Size 36" X 28",
Framed with 3" mount & perspex glass

Innocent

Innocent
Watercolor on Arches paper,
Size 36" X 28",
Framed with 3" mount & perspex glass

Love Will Never Get Old

Love Will Never Get Old
Watercolor Painting - Cotman paper
Framed with perspex glass,
Size 24" X 18"

We are the Same

We are the SameWatercolor Painting - Cotman paper
Framed with perspex glass,
Size 24" X 18"

Different Feelings

Different Feelings
Watercolor on Arches paper,
Size 23" X 30",
Framed with 3" mount & perspex glass

End of the Day'.....

End of the Day
Watercolor on Arches paper,
Size 30" X 23",
Framed with 3" mount & perspex glass

Three of Us

Three of Us
Watercolor on Arches paper,
Size 30" X 23",
Framed with 3" mount & perspex glass

Friends

Friends
Watercolor on Arches paper,
Size 30" X 23",
Framed with 3" mount & perspex glass

Father's Love

Father's Love 
Un framed
Watercolor Painting
Size 24" X 18"

Friday, September 14, 2018

රැඳුන ජීවිතය 03



හිමිදිරි උදෑසනම හෙදියක් පැමිණ මද උණුසුම් ජලයෙන් පෙඟවූ ගෝස් කැබැල්ලක් මුහුණේ අතුල්ලා මා අවදි කළාය.  කුඩා කළ අම්මා, අක්කා මගේ මුහුණ සෝදා තිබුණි. එහෙත් දැනුම් තේරුම් ඇති අවදියේ පටන් අන් කිසිවෙකු මගේ මුහුණ සෝදා නොතිබුණි. පිටස්තර කෙනෙකු විසින් මුහුණ සේදීමට ක්‍රියා කිරීම මා දැඩි අපහසුතාවයට පත් කළේය. කතුරක දවටන ලද දොඩම් ලෙලි කැබැල්ලකින් හෙදිය මගේ දත් මැද්දාය. කට සෝදා ඉවත දැමීම මට මහත් අසීරු කටයුත්තක් විය. හෙදිය ලබා දුන් බඳුනට ඒවා දැමීමට මම මැලිවීමි.

Friday, September 7, 2018

රැඳුන ජීවිතය. 02

“මේ පේෂන්ට් හොඳටම පේල්.... තවත් බ්ලඩ් එකක් දෙන්න වෙයි වගේ.....“

හෙදියක් මගේ සුදුමැළි වී තිබූ දෑත් පරීක්ෂා කරමින් කියා සිටියාය.

“තව බ්ලඩ් එකක් දෙමු එහෙනං....“

තවත් හෙදියක් එසේ කියමින් ලේ පැකට්ටුවක් ගෙන ආවාය. ඉක්බිතව ඔවුන් දෙදෙනා එක්ව කැනවුලා එකට එය සවි කලහ.

Saturday, August 11, 2018

රැඳුණ ජීවිතය. 01



 “ප්‍රදීප්.... ප්‍රදීප්....“

දුර ඈතක සිට කිසිවකු මගේ නම කියා කථාකරන හඬක් ඇසුණි. දැඩි අන්ධකාර ලොවක් තුළ සැහැල්ලු සුවබර නින්දක සිටි මම ඒ හඬින් අවදි වීමි. යම් ආලෝක ධාරාවක් මගේ දෙඇස් වෙත එල්ල වී තිබුණි. ඒ හඬත් ආලෝක ධාරාවත් තුළින් මගේ මනස යළි ක්‍රියාත්මක වන්නට විය.

Tuesday, August 7, 2018

බස් එකේ පොඩ්ඩක් බලමුද......?



“රිවිරැස“ මෙහෙයුමෙන් පසු චාවකච්චේරි පුස්තකාල ගොඩනැගිලි සංකීර්ණයේ නව පොලිස්ථානයක් පිහිටු වන ලදී. මේ භූමියේම අනෙක් පස යුධ හමුදා කදවුරකුත් ඉදිකොට තිබුනි. උතුරේ මගේ රාජකාරි ජීවිතයේ අවසන් පොලිස් ස්ථානය වුනේ චාවකච්චේරියයි. ඊට පෙර මම කන්කසන්තුරය, ඉලවාලි, ඉඩේකාඩු, මාදගල් හා යාපනය පොලිස් ස්ථානවල රාජකාරි කලෙමි.

අලුතින් ආරම්භ කල චාවකච්චේරි පොලිසිය වටේට ආරක්ෂක බංකර පද්ධතිය ඉදිකිරිමේ කාර්ය භාරය පැවැරුනේ මා වෙතයි. එයට හේතු වුයේ අවුරුදු ගණනාවක් උතුරු මෙහෙයුම් කලාපයේ රාජකාරි කර වැඩිම අත්දැකීමක් සහිත නිලධාරයා මා වීමයි. උතුරු යුධ බිමේ ඒ වනවිට මම රාජකාරි කර තිබු කාලසීමාව අවුරුදු 7 ක් පමණ වී තිබුනි. අපි හැමෝගෙම ජීවිත ත්‍රස්ත ප්‍රහාර වලින් ගලවගන්න ආරක්ෂක වලල්ලේ ශක්තිමත් බව ඉතාමත් වැදගත් වන නිසා මට පැවැරුනේ ඉතාමත් භාරදූර වගකීමකි. මන්නාරම,

Friday, August 3, 2018

ඉරණම තීන්දු කල රාජකාරිය 11


“ඩෝං................“

මගේ පිටුපසින් කන්දෙක අඟුල් වැටෙන තරමේ වෙඩි හඬක් මුලු පලාතම දෙදරවමින් පුපුරා ගියේය.... ඒ හඬින් මම ගල් ගැසුනෙමි.... අනපේක්ෂිතව සිදු වු දෙයින් මොහොතකට කිසිවක් මට සිතාගැනීමට නොහැකි විය. වෙඩි බෙහෙත් ගඳ ද දසත විසිරිනි.

Friday, July 27, 2018

ඉරණම තීන්දු කල රාජකාරිය 10

තවත් එක් විමර්ශනයක් සාර්ථකව නිමකිරීමේ බලාපොරොත්තුවෙන්  කොටහේන පොලිස් ස්ථානයෙන් පිටකොටුව මල්වත්ත පාර බලා මම නිලධාරි කණ්ඩායමත් එක්ක පිටව ගියේ ඉතාමත් සතුටින්… මේ මෙහෙයුම සඳහා  අපි පිටව ගියේ විමලසේන නිලධාරියා නිලඇඳුමෙන් හා   මා ඇතුලු අනෙක් නිලධාරීන් දෙදෙනා සිවිල් ඇඳුම් වලින්  සැරසීගෙනය.

Monday, July 23, 2018

The Great Happiness......

The Great Happiness......
Watercolor Painting - Cotman paper
Framed with perspex glass,
Size 24" X 18"

Thursday, July 19, 2018

ඉරණම තීන්දු කළ රාජකාරිය 09.


ගමන් කරමින් සිටි මාර්ගයේ අවසානය එකවරම දිස්වුනි.  නමුත් ඊළඟ නිමේෂයේ දී දුටුවේ එය දැඩි අවදානම් සහිත අංශක 90 හැඩයට තිබෙන වැලමිටි වංගුවක් බවයි. අවස්ථාවේ මා ගමන් කරමින් සිටි අධික වේගය මෙවැනි වංගුවකදී රථයක් පාලනය කරගත හැකි වේග සීමාව බොහෝ සෙයින් ඉක්මවා ගොස් තිබුනි. මුහුණ දීමට සිදුව ඇත්තේ ඉතාමත් අනපේක්ෂිත අවදානම් බැරෑරුම්  අවස්ථාවකටය.