කල්පිටියේදී ප්‍රථම වරට දුටු ආඬියා ළිඳෙන් කුළුදුලේම ස්නානය කිරීමට මට අවස්ථාව ලැබුණේ එදින සන්ධ්‍යාවේය. යුධහමුදා නිලධාරීන්ගේත්, පොලිස් පරීක්ෂකවරුන්ගේත් පැන් පහසුව සඳහා එම ආඬියා ළිඳ තල්අතු කීපයකින් ආවරණය කර, වෙන් කොට තිබුණි. සෙසු නිලධාරීන්ට ද ඒ පරිශ්‍රය තුල මෙවැනි ආඬියා ළිං කීපයක් පාවිච්චියට තිබෙන බව දුටුවෙමි.
ඒ සැදෑවේ මමත්, රසිකත්, ලුතිනන් වික්‍රමරත්නත් ඉවරයක් නොමැති ආ ගිය තොරතුරු කථා කරමින් තොරතෝංචියක් නොමැති උසුළු විසුළු කරමින් ස්නානය කළෙමු.
තල්අරඹේ මතකයන්
- My Paintings (29)
- අලුත් අත්දැකීම් (7)
- ආබාධිත පොලිස් නිලධාරියෙකුගේ දින සටහන් (7)
- ඉරණම තීන්දු කල රාජකාරිය (11)
- තල්අරඹේ මතකයන් (6)
- රාජකාරි දිවියේ රසබර සිදුවීම් (1)
- රැඳුණ ජීවිතය (5)
- සිත තාම තරුණයි (12)
- සොඳුරු මිනිසුන් (1)
Showing posts with label තල්අරඹේ මතකයන්. Show all posts
Showing posts with label තල්අරඹේ මතකයන්. Show all posts
Sunday, July 1, 2018
තල්අරඹේ මතකයන් 05
පේසාලේ පිහිටියේ මන්නාරම හා තලෙයිමන්නාරම අතර ය. පේසාලේ පොලිස් ස්ථානයත් යුධහමුදා කඳවුරත් පිහිටා තිබුණේ එකම භුමි භාගයකය. මන්නාරම පොලිස් මූලස්ථානයේ සේම නිවාස ගොඩනැගිලි සංකීර්ණයක් වටකොට ආරක්ෂක වලල්ලක් ඉදිකොට තිබුන අතර කඳවුරේ එක පැත්තක් මුහුදට මායිම් විය. යුධහමුදා 3 වන ගජබා රෙජිමේන්තුව සමඟ පොලිස් නිලධාරීහු මේ ප්‍රදේශයේ රාජකාරියේ යෙදී සිටියහ.
පේසාලේ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති වුයේ උප පොලිස් පරීක්ෂක රසික රාජපක්ෂයි (පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස පොලිස් සේවයට සමුදුන් ඔහු මේ වනවිට ඉහළ පෙලේ ඇඟළුම් ව්‍යාපාරිකයෙකි.)
“අපි යමු quarters එකට....”
පේසාලේ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති වුයේ උප පොලිස් පරීක්ෂක රසික රාජපක්ෂයි (පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස පොලිස් සේවයට සමුදුන් ඔහු මේ වනවිට ඉහළ පෙලේ ඇඟළුම් ව්‍යාපාරිකයෙකි.)
“අපි යමු quarters එකට....”
තල්අරඹේ මතකයන් 04
පසුදා උදෑසන පාතරාසයෙන් අනතුරුව මා මිත්‍ර ප්‍රනාන්දුට සමුදී අනුකණ්ඩයේ නිලධාරීන් සමඟ පේසාලේ බලා පිටත් වුනෙමි. ELF වර්ගයේ ලොරි රථයකින් අපට ගමන් පහසුකම් සැලසුනි. තාසිම් නැමති පොලිස් සැරයන්වරයා රථය ධාවනය කල අතර ඔහු ඉතාමත් වේගයෙන් රථය ධාවනය කිරීම මා සිත් නොගත්තේය. කිසිදු ආවරණයක් නොමැති ලොරියේ පිටුපස සිටි නිලධාරීන්ගේ ඉවසීමේ සීමාව ද ඉක්මගොස් තිබුණි. ඒ අවි ආයුධ හා බඩු බාහිරාදිය අතින් කටින් එල්ලාගෙන අසීරුවෙන් සිටි ඔවුන්ට රථය ගමන් කරන වේගය නිසා නොයෙකුත් අපහසුතාවයන්ට ලක්වීමට සිදු වු නිසාය.
“ පොඩ්ඩක් හිමින් යමු... පිටිපස්සේ කොල්ලෝ ඉන්නේ අමාරුවෙන්...”
බැරිම තැන මම කිවෙමි.
“ පොඩ්ඩක් හිමින් යමු... පිටිපස්සේ කොල්ලෝ ඉන්නේ අමාරුවෙන්...”
බැරිම තැන මම කිවෙමි.
තල්අරඹේ මතකයන් 03
තාල්පාඩු සිට අපි පොලිස් ට්‍රක්රථ දෙකේ නැඟී මන්නාරම පොලිස් මුලස්ථානය බලා ගමන ආරම්භ කලෙමු. දුර ඈතට විහිදුන තැනිතලා භූමි මුණ ගැසෙයි. බැලු බැලු අත තල්ගස්ය. මේ තල්අරඹක්මය. මනුෂ්‍ය වාසයන් ගෙන් තොර වු නිවාසවල වහලවල් නොමැත. ඒ වෙඩි පහරවල් හා බෝම්බ ප්‍රහාරවල මහිමයෙන් බව පෙනේ. තැනින් තැන තල්කොට හා වැලිකොට්ට යොදාගෙන ඉදිකරනු ලැබු හමුදා මුරපොලවල්ය. හමුදා සාමාජිකයින් හැර සිවිල් වැසියන් කිසිවෙකු හමුනොවීය. තැනින් තැන නිදැල්ලේ ඔබ මොබ සැරි සරන බූරුවන් බැලු බැලු අතය. මේ සිවුපා බූරුවන් මගේ ඇස ගැසෙන ප්‍රථම අවස්ථාව මෙයයි. මේ ප්‍රදේශයේ විසු ජනයා කතෝලික භක්තිකයින් බව තැනින් තැන දක්නට ලැබුන දේව ප්‍රතිමා කුරුස හා දේවස්ථාන වලින් අවබෝධ වුනි. තාල්පාඩු සිට මන්නාරම පොලිස් මූලස්ථානය වෙත ඇත්තේ ඉතා කෙටි දුරක් බව දැනුනේ විනාඩි දහයක පමණ කාලවේලාවක් තුල අප මුලස්ථාන පොලීසිය වෙත ළඟා වු බැවිනි.
තල්අරඹේ මතකයන් 02
හිමිදිරි උදෑසනට පහන් වෙද්දී අපි ලහි ලහියේ සුදානම් වුනේ කල්පිටිය නාවික හමුදා කඳවුර වෙත යාමටයි. පුද්ගලික බඩු බාහිරාදිය සහිත විශාල ගමන් මල්ල කරේ එල්ලාගෙන, පතරොම් ගැබ පපුවට තබා ගැටගසා ගෙන, දකුණුතට T56 අවිය ගෙන ගමන ආරම්භ කලෙමි. ඒ වනවිටත් නාවික කඳවුරේ ජැටියේ අප මන්නාරම වෙත රැගෙන යාමට “වාලම්පුරි” යාත්‍රාව සුදානම් කොට තිබුනි. දැන් මා මුහුණ දීමට යන්නේ ජීවිතයේ කෙදිනකවත් නොලැබු අත්දැකීමකටය. දියමතින් ගමන් කරන ඒ අපුර්ව වු අවස්ථාව දැන් උදාවී ඇත.
තල්අරඹේ මතකයන්. 01
(සත්‍ය අත්දැකීම් ඇසුරින්)

පොලිස් සේවයට එක්වී වසරකට විතර පසු මට රාජකාරි සඳහා වාර්තා කරන්නට සිදු වුනේ මන්නාරමටය. නිලධාරීන් 30 දෙනෙකුගෙන් සමන්විත අනුඛණ්ඩයක් භාරව 1991 සිට 1995 දෙසැම්බර් දක්වා අවුරුදු තුනහමාරක් පමණ කාලයක් මේ උතුරු තල්අරඹේ මම රාජකාරි කලෙමි. මන්නාරම තලෙයිමන්නාරම හා පේසාලේ මගේ රාජකාරි ස්ථානයන් විය.
මේ සටහන් තුලින් ඒ මතකයන් නැවත ආවර්ජනය කරන්නට උත්සාහ කරමි.
Subscribe to:
Posts (Atom)