Wednesday, December 7, 2022


May be an image of 3 people, street and road


 #නාරාහේන්පිට_පොලිස්_රෝහල...

නාරාහේන්පිට පොලිස් රෝහල මගේ ජීවිතේ ඉතාමත් සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කල නවාතැනක්.
1999 වර්ෂයේ අගභාගයේ මම නාරාහේන්පිට පොලිස් රෝහලට ඇතුලත් වෙන්නේ දෙපයින් ඇවිදින්න හිටගන්න තියෙන හැකියාව සදහටම අහිමි වුන පූර්ණ ආබාධිතයෙකු හැටියට. නිරෝගී තරුණයෙකු ලෙසින් පොලීසිය ට එක් වුන මට ජීවිතේ බොහෝ දේවල් අහිමිව තමයි පොලිස් රෝහලට එන්න සිද්ධ වෙන්නේ...
ජීවිතේ බලාපොරොත්තු සිහින උඩු යටිකුරු වෙලා මානසිකත්වය අන්තිම බිංදුවටම කඩා වැටිලා හිටිය
මට ජීවිතේ ඉතිරි වෙලා තිබුන අවම දේවල් වලින් උපරිම පල ප්රයෝජන අරන් නැවත නැගී සිටින්න ශක්තිය ධෛර්යය ලැබුනේ නාරාහේන්පිට පොලිස් රෝහලෙන්..
රෝහලේ පොලිස් පරීක්ෂකවරුන්ට වෙන් වුන කාමර පෙලේ 10 වෙනි කාමරය අවුරුදු දෙකකට ආසන්න කාලයක් මගේ නවාතැන වුනා.... අත් දෙකත් ඔලුවත් විතරක් පාවිච්චි කරලා රෝද පුටුවක ආධාරයෙන් ජීවිතය ලස්සන ට ගෙවන්න වට පිටාව සකස් කරගන්න පියවරෙන් පියවර ඉදිරියට එන්න මේ කාමරයේ සෙවන මට ලබාදුන්නේ විශාල දායකත්වයක්.
අවි ආයුධ වලට හුරුවෙලා තිබුන මගේ අත් පින්සල් වලට, ලස්සන ලස්සන පාට වලට හුරු වුනේ මෙතනදී. චිත්ර ඇදීමේ හැකියාව මට සහජයෙන් උරුම වුන දෙයක්. ඉතින් ඒ හැකියාව යොදා ගෙන ජීවිතයට එල්ල වෙලා තිබුන අභියෝග, බාධක, කම්කටොලු ජය අරගෙන අවුරුද්දක් ඇතුලත චිත්ර ප්රදර්ශනයක් පවත්වන්නත් මම සමත් වුනා. ඒක පැවැත්තුවේ ජාතික කලා භවනේ "හුදකලාවේ ඇදි සිතුවම් " නමින්...
මම දන්න තරමට පොලිස් නිලධාරියෙකු පවත්වපු ප්රථම ඒක පුද්ගල චිත්ර ප්රදර්ශනය ඒක... මේ ප්රදර්ශනය පවත්වන්න මට බොහෝ දෙනෙක් උදව් කලා. ඒ ගැන සදහන් කරන්න ගියොත් මේ ලිපිය ගොඩක් දිග වැඩි වෙනවා. ඒ නිසා අද මගේ මාතෘකාවට අදාලව මේක....
සර් ආතර් සී ක්ලාක් ලෝ පතල විද්වතා මට හමු වෙන්නේ මේ චිත්ර ප්රදර්ශනයේදී. එතුමා තමයි මේ චිත්ර ප්රදර්ශනය පවත්වන්න මට අනුග්රහය දැක්වූයේ. ප්රදර්ශනයේ ප්රධාන ආරාධිත අමුත්තා වුනෙත් එතුමා.... එතුමාගේ ජීවිතේ දැක්ක ධෛර්යයවන්තම පුද්ගලයා මම කියලයි මාව එතුමා ඇගයීමට ලක් කලේ. මේ ප්රකාශය කලේ 2006 දී එතුමා අතින් මගේ පුද්ගලික වෙබ් අඩවිය එලිදක්වපු අවස්ථාවේ.
ඉතින් ඔය වගේ කාලෙන් කාලෙට රෝද පුටුවේ ඉදගෙන ලොකු, ලොකු වැඩ ගොඩක් කරන්න මට පුළුවන් වෙන්න මුල අඩිතාලම ලැබුනේ පොලිස් රෝහලෙන්....
පොලිස් රෝහලේ සේවය කල, කරන වෛද්යවරුන් ගෙන් කාර්යය මණ්ඩලයෙන් හැමදාමත් මට ප්රතිකාර වගේම ශක්තිය, ධෛර්යය, ආශිර්වාදය ලැබුනා. ඒ වෛද්යවරුන් ට කෘතවේදීත්වය පුදකරන්න ඔවුන් ගේ නම් සදහන් කල යුතුමයි.
විශේෂඥ වෛද්ය හර්ෂණී ප්රනාන්දු, මංජුලා රත්නවීර, එතුමිය තමයි පින්සල මගේ අතට පත් කලේ. මෙතුමිය මේ වන විට පදිංචිව සිටින්නේ නවසීලන්තයේ. අදටත් එතුමියගේ ආශිර්වාදය මුහුණ පොත හරහා මට ලැබෙනවා. එය ඉතාමත් සුවිශේෂයි. ඒ වගේම කැනඩාවේ වාසය කරන වෛද්ය සුනිල් පද්මසිරි මහත්තයත් මුහුණ පොත හරහා එදා වගේම අපේ හිතවත්කම පවත්වාගෙන යනවා. හිටපු ශල්ය වෛද්ය එල්ලාවල මහතා, වෛද්යවරුන් වන කාලිංග ගිනිගේ, යසවන්ත ද සිල්වා, කෝලිත රත්නායක, වෛද්යවරියන් වන චරක ද සිල්වා, ගයනි ආරියසිංහ වැනි අයත් මගේ මතකයට නැගෙනවා.
මේ පාර මට සති තුනක් විතර රෝහල් ගතව ඉන්න සිද්ධ වුනා. ඒ කාලය වැඩි අපහසුවකින් තොරව ගෙවාගන්න පුළුවන් වුනේ වෛද්යවරුන්ගෙන් හා වෛද්ය කාර්යය මණ්ඩලයෙන් නිරතුරුවම ලැබුන කාරුණික සම්බන්ධතාවයයි.
විශාල අභියෝග රැසකට මුහුණ දෙමින්, වෛද්ය සේවා අධ්යක්ෂ වෛද්ය චාමින්ද්ර රණසිංහ මහත්මයා අපහසුතාවයකින් තොරව ප්රතිකාර ලබාගැනීමට අවශ්ය පහසුකම් සලසා දුන්නා.... වෛද්යවරුන් වන දිනුක සෙනෙවිරත්න, මාරි බෝපේආරච්චි, සංජීව එදිරිසිංහ, තනුක හේවාවසම්, ක්රිෂාන්ත විජේනායක යන මහත්ම මහත්මීන් මෙන්ම, SPC Surgery එක ඉතාමත් පරෙස්සමෙන්, සාර්ථකව සිදු කල පොලිස් රෝහලේ ශල්ය වෛද්ය රෝහන විදානගේ මහතා ඇතුලු ශල්ය වෛද්ය ඒකකයේ නිර්වින්දන වෛද්යතුමියත්, වෛද්යවරුන් වන රවීන්ද්ර බස්නායක, ප්රදීප්, සුනෙත් මහත්වරුන්, එම හෙද කාර්යය මණ්ඩලයත්....
මගේ දෛනික කටයුතු හා ප්රතිකාර කටයුතු පහසුවෙන් ඉටු කරගැනීමට හැකි කාමරයක් සුදානම් කරදීමට, වෙහෙසුන සිස්ටර් ඉන්ද්රනි, හෙද නිලධාරීන් වන ලක්ෂමන්, චන්දන, කුසුම්තිලකත්, හෙද නිලධාරිනියන් වන රාජපක්ෂ, නිල්මිණි, කුමාරි, ලලිතානි, නිශාන්ති, දමයන්ති, චම්පිකා, හේරත් ශ්යානිකාටත්, මගේ දෛනික කටයුතු සඳහා සහාය දැක්වු වාට්ටු අංක 07 හි කාර්යය මණ්ඩලයේ රම්යා, නෙවිල්, සදා, පෙරේරා, නිහාල්ටත්, රසායනාගාරයේ ස්ථානාධිපති නදීර මාපිටියටත්, භෞත චිකිත්සක අංශයේ ස්ථානාධිපති ඉන්දික රත්නායකටත් මගේ කෘතවේදීත්වය පුද කරනවා.
කෙසේ වුවත්, පොලිස් රෝහල තවත් එක් පොලිස් ස්ථානයක් කිරීමට කටයුතු කරන පිරිස ගැන දැනට මම කිසිවක් නොකියමි......

Bandula Karunachandra, Shirani AS and 162 others
116 comments
17 shares
Like
Comment
Share

4 comments:

  1. ඉතා සතුටින් දන්වන වග නම්; මේ දිනවල බ්ලොග් හමුවක් පිළිබඳ කතිකාවතක් ඇතිවී ඇත. දැනට යෝජනා වී ඇති අකාරයට බොහෝ විට එය අප්‍රේල් මාසයේදී යෙදෙනු ඇත! මේ පිළිබඳව ඔබගේ සහභාගීත්වය, ස්ථානය, දිනය හා ආකෘථිය පිළිබඳව මෙහි ලියා හෝ අපගේ ලිපිනයට දන්වන්නේ නම් මැනවි. මෙයට සමගාමීව බොහෝ පැරණි බ්ලොග් ලියන්නන් නැවත ලිවීම අරඹා ඇති බව දන්වන්නේ සතුටිනි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කමෙන්ටුවට. ඒ වගේ පණිවිඩය දැනුම් දුන්නට.... ආපහු ලියන්නම්

      Delete