තල්අරඹේ මතකයන්
- My Paintings (29)
- අලුත් අත්දැකීම් (7)
- ආබාධිත පොලිස් නිලධාරියෙකුගේ දින සටහන් (7)
- ඉරණම තීන්දු කල රාජකාරිය (11)
- තල්අරඹේ මතකයන් (6)
- රාජකාරි දිවියේ රසබර සිදුවීම් (1)
- රැඳුණ ජීවිතය (5)
- සිත තාම තරුණයි (12)
- සොඳුරු මිනිසුන් (1)
Tuesday, April 27, 2021
ජීවිතේ තවත් එක් අත්දැකීමක් 03.
ජීවිතයේ තවත් එක් අත්දැකීමක්... 2 වන කොටස.
Driving කියන්නේ මගේ Hobby එකක්....
මේ කොටසින් මම කියන්න උත්සාහ කරන්නෙ මෝටර්රථ කාර්මික අංශයේ කාරණා
ටිකක්..
ඒ අංශයට කැමති නැති කෙනෙක් නම් මම ලියන මේ දේවල් Greek
වගේ
වෙන්න පුළුවන්...😂😂😂
ඔය ස්ත්‍රී පාර්ශවයේ අයට විශේෂයෙන්ම...😂😂😂
ඉතින්..., මුලින්ම මම අවධානය යොමු කලේ කුමණ
ආකාරයේ වාහනයක් මට සුදුසු වෙයි ද කියලයි....
පොලීසියේ ඉන්න කාලෙත් මම පැද්දේ ජීප්...
ඉතින් මම ආශම වාහනේ වුනේ ජීප්...
ජීප්, ජීප් කියන කොට සමහර American Jeep වර්ගයේම Jeep
පාවිච්චි
කරන අය ඒකට කැමති නෑ...😂
ඒත් ඉතින්..., කරන්න දෙයක් නෑ, ලංකාවේ 4wheel SUV හදුන්වන්නේ ඔය නමින් තමයි...
පොලිසියේ තියෙන Toyota Land cruiser එක, Mitsubishi pajero එක, Mahindra scorpio එක පොදුවේ හදුන්වන්නේ Jeep
කියන
නමින්....
ඒක අපේ බස් වහරට ඇවිල්ලා ඉවරයි...
කතාව ටිකක් වෙන පැත්තකටත් ගියා වගේ...😂 සමාවෙන්න ඒකට...😭
හරි දැන් ඔන්න ආයෙත් කතාවට යමු...
ඉතින් වාහන වලින් මම ආශම Jeep වලට නිසා මම අවධානය යොමු කරේ මගේ ඒ
ආශාව කොහොම හරි ඉෂ්ට කරගන්නයි...
ඒත් ඉතින්..., ඒ ගැන සමහර මගේ හිතවතුන් විරුද්ධ මත ප්‍රකාශ කලා මෙන්න මෙහෙම...
" ඔයාට ජීප් එකක් හරියන්නෙ නෑ..., ඔයාට හරියන්නේ පොඩි කාර් එකක්..."
"ඔය ජීප් නඩත්තු කරන්න හරි අමාරුයි...."
" ඔය පරණ වාහන අරගෙන අමාරුවේ වැටෙන්න එපා...! "
ඔය වගේ නොයෙකුත්, මගේ මතයට විරුද්ධ මත තමයි මට අහන්න
සිද්ධ වුනේ...😂😂😂
මොන කරුමයක්ද මන්දා මට නිතරම
හම්බ වෙන්නේ ඒ වගේ, බැ යන්නෝ,
නැ
යන්නෝ....😂😂
එහෙමත් නැත්නම්.....,
යම් වැඩක් කරන්න යනකොටම
ඕක හරියන්නේ නෑ....,
ඕක අමාරුයි...., වගේ පූර්ව නිගමන තුල ඉදගෙන උපදෙස්
දෙන්නන්...😭
අන්තිමට වෙන්නේ මම හිතුවක්කාර වෙන එක....😂
පසුගාමි අදහස් වලින් මට උදව් කරන්න ආව ඒ ඈයින්ට කුදගහගන්න කියලා...
මම තීරණය කලා Jeep
එකක්ම
මිලදී ගන්න...
ඒකට බලපෑව කාරණා තමයි....,
අපේ රටේ බහුතරයක් දෙනා ආබාධිත පුද්ගලයෝ ගැන හිතන්නේ ටිකක්
අවතක්සේරුවෙන්....
එයාල හිතන්නේ එයාලගේ අනුකම්පාව යටතේ අපි ජීවත් විය යුතුයි කියලා...
ඔය පොඩි කාර් එකක්...,
ත්‍රී වීල් එකක් එලෙව්වට කමක් නෑ....
ඒත්....,
Jeep එකක්....???
ඒක හොද වැඩියි අබ්බගාතයෙකුට....😂😂😂😂
ඔන්න ඔය මානසිකත්වය කඩන්නත්
මට ඕනි වුනා.....
ඒ වගේම මට රෝද පුටු දෙකක් යන
තැනකට ගෙනියන්න වෙනවා...
Wash room wheelchair එකකුත් පාවිච්චි කරන්න සිද්ධ වෙලා තියෙන නිසා..
කොලඹ ඉදලා ගමේ යනකොට ඔය දෙකයි, මගේ බඩුයි,
සේරම
එකතු වුනාම කාර් එකක හිතන්න වත් බෑ....
ගමේ ආවමත් මගේ සහෝදරයින්ගේ
ලමයි, ඒ ලමයිගේ ලමයි... ඔය ඔක්කොටම Transport දෙන්න ගියාම ලොරියක් තිබුනත් මදි...😂😂
අනිත් විශේෂම කාරණයක් තමයි.....
පාරට වාහනේ දැම්මට පස්සෙ මග මරුවන්ගෙන් බේරෙන්න...
ඒ වගේම දුෂ්කර මාර්ගයක වුනත් කරදරයක් නැතිව ගමන් කරන්න පුළුවන්
වීම....
ඔය පොඩි පොඩි වලවල්, ගැටිති උඩින් අපහසුවකින් තොරව යන්න...
ඉතින් ඔය අවශ්‍යතාවයන්
සියල්ල සපුරා ගන්න පහසු නිසා තමයි., Jeep එකක්ම මිලදී ගන්න තීරණය කලේ...
ඉතින්, මිත්‍රවරුනි...,
SUV 4wheel Jeep එකක් හොයන්න මාකට් එකට බැස්සම තමයි මට තරු විසි
වුනේ....😢
මගේ උපන් වර්ෂයට ආසන්න කාලෙදි නිශ්පාදනය කරපු එකක් වත් හිමි කරගන්න එක
ලේසි, පාසු නෑ කියලා පෙනුනා...
ඒත්.., ඉතින් ලේසියෙන් යමක් අතාරින සිරිතක්
මගේ නෑ නේ....💪😃
ඔන්න හොයාගෙන යනකොට,
මගේ බජට් එකට හරියන,
පෙනුමත්
හොද, ඉංග්‍රීසි අකුරු තියෙන, සැප පහසුව උපරිම,
පිකප්
එකත් උපරිම තියෙන, 4wheel SUV එකක් හම්බ වුනා...
හැබැයි මේක නිශ්පාදනය කරලා තිබුනේ ඉන්දියාවේ... ඒ නිසා තමයි මගේ බජට්
එකට හරිගියේ... 😃
ඒත්..., ඉතින් ඔන්න ආයෙත් මට නොයෙකුත් අවවාද
ලැබෙන්න පටන් ගත්තා....
"හපෝ... ඔය ඉන්දියන් ලඩි ගන්න එපා...!!!
හැමදාම ගරාජ්වල ඉන්න වෙයි, ඕක ආයි විකුණන්න නම් හම්බ වෙන්නේ
නෑ.... සදාකල් ඔබ මගේ තමයි...
ඔය වගේ කොච්චර උපදෙස් ලැබුනත්, හිතුවක්කාර මම මගේ අදහස වෙනස් කලේම
නෑ...
ඔය බාධක රැසක් මැද මම දැන් පාවිච්චි කරන Mahindra
Scorpio Jeep එක මිලදී ගත්තා....
මේ Jeep එක ලංකාවට ගෙන්නලා තිබුනේ 2003 දී,
අපේ
රටේ මැති ඇමතිලට, පාවිච්චි කරන්න..
ඒ නිසා මේ Jeep රථය VIP ලාට පාවිච්චියට සුදුසු පරිදි නිශ්පාදනය කරලා තියෙනවා...
මේක 2.6 enging capacity එකක් තියෙන,
Intercooler Turbo
GLX 7 Seats රථයක්...
ඔන්න ඔහොම කොහොම හරි මම රථයක් මිලදී ගත්තා.
හැබැයි මේක Manual gear පද්ධතියක් තියෙන රථයක්...
මගේ ටාගට් එකට යන්න නම් Auto gear පද්ධතියක් තිබිය යුතුයි....
ඉතින් ඊළඟට මට මුහුණ දෙන්න සිද්ධ වුනේ ඒ අභියෝගය ජයගන්නේ කොහොමද කියන
එකටයි...
ඊළඟ කොටසින් මම ඔබ හමු වෙන්නම් කොහොමද මම ඒ අභියෝගය ජයගත්තේ කියලා
කියන්න....
01. වෙනි කොටසට.
ජීවිතයේ තවත් එක් අත්දැකීමක්... 1 කොටස.
Driving කියන්නේ මගේ Hobby එකක්....😃
දෙපා අප්‍රාණික වෙලා රෝද පුටුවක ජීවත් වෙන්න සිද්ධ වුනාම මට ඇති වුන විශාල දුකක් තමයි නැවත වාහනයක් පදින්න හම්බ වෙන එකක් නෑ කියන එක...😢
ඒත්...,
නැවත වහනයක් පදින එක අභියෝගයක් වුනත්, ඒ අභියෝගය කෙසේ හෝ ජයගත යුතු යැයි මුලින්ම මගේ
හිතේ දැඩි අධිෂඨානයක් ඇති වුනා ...💪
එදා මම මුහුණ දුන් ඒ අභියෝගය අද වෙන කොට ජය අරගෙන අවසන්...😃
අද මම 4Wheel SUV රථයක් පදින්නෙක්.. 🚘
නිතියානුකූලව එය පැදවීමට අවශ්‍ය සියලු බලපත්‍ර ද සහිතව...✍
ඉතින් අද ඉදලා පියවරෙන් පියවර ඒ අභියෝගය මම ජයගත් ආකාරය මුහුණු පොතට
එක් කරන්න හිතුවා....✍
විශේෂයෙන්ම මගේ ඒ අත්දැකීම්
මම වගේම ආබාධිත තත්ත්වයට පත්ව දෙඅත් පමණක් ක්‍රියා කරන දෙපා අප්‍රාණික
මිනිස්සුන්ට අත්වැලක් සපයයි කියලා හිතුනා...
ඒ වගේම දිගින් දිගටම ආබාධිත කෙනෙක් කොහොමද රියදුරු බලපත්‍රයක්ලබාගන්නේ
කියන එක විමසන හැමෝටමත්, මේ සටහන් පෙල ප්‍රයෝජනවත් වේවි.
ඉතින් ඊළඟ කොටසේ සිට මගේ ඒ
අත්දැකීම ඔබ වෙත ගෙන එන්න අවසරයි....😃😃😃
#Hand_control_device
#invalid_carriage
#Handicap_driving
#මානුෂිකවාදී_නොවන_හානි_පූර්ණය_කිරීමේ_අසාධාරණ_නීතිය...
රාජ්‍ය සේවයේ යෙදී සිටින ඔබ සියලුම දෙනා අවධානය යොමු කල යුතුම කරුණක්
මේ...
#මානුෂිකවාදී_නොවන_හානි_පූර්ණය_කිරීමේ_අසාධාරණ_නීතිය...
මේ කාරණය ඔබට ප්‍රිය නොවන්න පුළුවන්. ඒ වගේම බෝරින් මාතෘකාවක්
වෙන්නත් පුළුවන්....😂
ඒත්, කීපදෙනෙකුට හෝ මේක වැදගත් වෙයි කියලා
හිතුන නිසයි මේ පෝස්ට් එක දාන්නේ...
ජීවිතය කියන්නේ හරිම අනපේක්ෂිත
දෙයක්... ඊළඟ මොහොතේ අපට කුමක් සිදු වේදැයි සක්කරයටවත්, කිසිම සාත්තර කාරයෙකුටවත්, කියන්න බෑ....
වාසනාව අවාසනාව ජීවිතයට ඇතුල්
වෙන්නේ අපි හීනයකින් වත් නොහිතපු, නොපතපු වෙලාවල්වල...
මේක ඉතාමත් සංකීර්ණයි විස්තර කිරීමට...
ඒ නිසා මාවම උදාහරණයට අරගෙන මේ ගැන පැහැදිලි කරන්නම්....
වයස අවුරුදු 30 ක් වෙනකම් මමත් ඔබ වගේ නිරෝගී, දෙපයින් ඇවිද ගිය පුද්ගලයෙක්...
අවුරුදු 10 ක් උප පොලිස් පරීක්ෂක වරයෙක් ලෙස රාජ්‍ය
සේවයේ යෙදුන කෙනෙක්...
අද ඔබ සිතන පරිදි, එදා මමත් හීනෙකින්වත් හිතුවේ නෑ රාජකාරිය කරන්න ගිහින් ඉදිරි ජීවිත
කාලයම රෝද පුටුවක ගතකරන්න වෙයි කියලා...
ඒත්, මුලු ජීවිතයම කනපිට හරවමින් ඒ දේ සිද්ධ
වෙන්න ගත වුනේ එක ක්ෂණයයි....
ඒ අවාසනාවන්ත ඉරණමට මුහුණ දීලා, රෝද පුටුවේ ගතකරන 21 වෙනි අවුරුද්ද මේ...
තවත් කෙනෙක් ගේ ආධාරයක් උපකාරයක් නැතිව දෛනික කටයුතු ටිකවත් ඉටු
කරගැනීමට නොහැකි තත්ත්වයෙන් ගත කරන මේ ජීවිතය තුල මා ලබපු අත්දැකීම් අපමණයි...
ඒ ලබපු අත්දැකීම් තුලින් අද මම ඔයාලට කියන්න යන්නේ ස්වකීය රාජකාරිය ඉටුකිරීමට ගොස් ආබාධිත වන රාජ්‍ය නිලධාරීන්ට වන්දි ලබාදීමට නිකුත් කර ඇති රාජ්‍ය
පරිපාලන චක්‍රලේඛ වල තිබෙන දෝෂයන් හා අසාධාරණයන් සම්බන්ධවයි.
මේ චක්‍ර ලේඛන සකස් කරපු උගත් ඇත්තෝ
ප්‍රයෝගික තත්ත්වයන් කිසිවක් සැලැකිල්ලට නොගෙන,
මානුෂීය තත්ත්වයන් කිසිවක් ගැන ද සැලැකිල්ලක් නොගෙන, කිසිදු පදනමක්ද නැතිව තමයි
මේවා නිකුත් කරලා තියෙන්නේ....😭😢
ස්වකීය රාජකාරිය ඉටුකරන්න
ගිහිල්ලා දෑස්, දෙපා, දෙඅත් හෝ මොලයට හෝ සුෂුම්නාවට සිදු වු අනතුරක්
නිසා පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වෙලා සේවයෙන් ඉවත් වන්නට සිදුවන නිලධාරීන්ට,
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 22/93 IV වෙනි සංශෝධනය අනුව වැටුප් ගෙවන්නේ වයස අවුරුදු 55 දක්වා පමණයි...
🛑 ඒ කියන්නේ හානිය පූර්ණය කිරීම අවුරුදු 55 දී නතර කරනවා...
ඇත්තටම එහෙම හානිය පූර්ණය නතර
කිරීම දැඩි අසාධාරණ,
අමානුෂික
තත්ත්වයක්...
එහෙම හානි පූර්ණය නතර කරන්න නම්...,
♦️ඇස් අන්ධ වුන අයට අවුරුදු 55 දී නැවත ඇස් පෙනෙන්න පටන් ගන්න ඕනි....
♦️කකුල් කපපු අයගේ කකුල් ආයෙමත් ලියලන්නට ඕනි...
♦️රෝද පුටුවලට,
ඇදන්
වලට සීමා වෙලා ජීවත් වුන අයට නැවැත දෙපයින් ඇවිදගෙන යන්න පුලුවන් වෙන්න ඕනි...
♦️ඔවුන්ගේ ශරීරවලට සිද්ධ වෙලා තියෙන හානියත්, අවසන් වෙන්න ඕනි...
ඒත්...,
වයස අවුරුදු 55 දී ඔය එකක්වත් සිද්ධ වෙන්නේ නෑ නේ...
සිද්ධ වෙලා තියෙන හානිය ජීවිතාන්තය දක්වාම පවතිනවා, තව ටිකක් හානිය වැඩි වෙලා...
මේ චක්‍ර ලේඛන හදපු ලොකු මොලවලට චූට්ටක්වත් ඒක දැනිලා නෑ...
ඔවුන් හිතලා තියෙන්නේ, තීරණය කරලා තියෙන්නේ, අවුරුදු 55 න් පස්සේ සිද්ධ වෙලා තියෙන හානිය
අවසානයි කියලයි...
මෙතනදී පැන නගින බරපතල ගැටලුව තමයි එහෙම තීරණයක් ගත්තේ මොන වගේ
පදනමකින් ද කියන එක...
ඊළඟට මේ අය දක්වන තවත් කාරණයක් තමයි 55 න් විශ්‍රාම නිසා විශ්‍රාම වැටුප විතරයි දෙන්න
පුළුවන් කියලා...
ඒකත් අනතුර සිද්ධ වෙනකොට සේවා කාලය අවුරුදු 10 කට වැඩි අයට විතරයි...
අනිත් අයට විශ්‍රාම වැටුපක් වත් නෑ...
ඔන්න ඕකයි ඇත්ත කනගාටුදායක තත්වය රාජ්‍ය සේවයේ, මහත්වරුනි...
කෙනෙකුට විශ්‍රාම වැටුපක් ගෙවන්නේ හානි පූර්ණය කරන්න නෙවෙයි....
විශ්‍රාම වැටුප් දෙන්නේ. විශ්‍රාම වැටුප් ව්‍යවස්ථාවේ ප්‍රති පාදන
යටතේ...
රාජ්‍ය සේවයේ සියලුම දෙනාට හිමි වරප්‍රසාදයක් ඒක...
අනිත් කාරණය තමයි අවුරුදු 55 දක්වා වැටුප් ගෙවන්නේ පූර්ණ ආබාධිත වුන අයට විතරයි...
කකුලක්, අතක්, ඇහැක් වගේ අවයවයක් අහිමි වුන අයට ගෙවන්නේ
වන්දියක් විතරයි....
උදාහරණයකට කකුලක් කපපු කෙනෙකුට ගෙවන්නේ අවුරුදු 6 ක විතර වැටුප වන්දියක් හැටියට...
අවුරුදු 6 කට පස්සේ ඒ තැනැත්තට ආපහු කකුලක්
ලැබෙයි කියලා හිතලද මන්දා මේ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 22/93 නිකුත් කරලා තියෙන්නේ....😂
මේක ඉතාමත් අසාධාරණ, අමානුෂික තත්ත්වයක්...
ස්වකීය රාජකාරිය ඉටුකරන්න
ගිහිල්ලා කෙනෙක්ට සිදු වන හානිය ජීවිතාන්තය දක්වා පවතිනව නම්, ඔවුන්ට හානි පූර්ණය කල යුත්තේ
ජීවිතාන්තය දක්වාමයි...
මේ බහු බූත,
ප්‍රයෝගික
නොවන, අමානුෂික චක්‍ර ලේඛන නිසා ස්වකීය
රාජකාරිය ඉටුකිරීමට ගොස් විපතට පත් වුන රාජ්‍ය සේවකයන් අද අනන්තවත් දුක්
විදිනවා...
ඔවුන්ට නිසි ලෙස හානි පූර්ණයක්සිදු වෙලා නැති නිසා...
ඔවුන්ගේ ජීවිත වල ඒ අවාසනාවන්ත තත්ත්වය ගැන අනිත් රාජ්‍ය සේවකයින් කිසිවෙකුට හැඟීමක්, දැනීමක් ඇත්තෙත්, නෑ...
තමන්ට එවැනි අවාසනාවන්ත තත්ත්වයකට පත් වෙන කම්....
මෙවැනි කනගාටුදායක අවාසනාවන්ත තත්ත්වයකට පත් වෙලා ඉන්නේ ඉතාමත්
සුළුපිරිසක්....
ඒ නිසා ඔවුන්ගේ ජීවිත වල දුක්බර කතාන්තර සමාජය දන්නේ නෑ...
ඔබ දන්නේ නෑ...
ඔවුන් වෙනුවෙන් හඬක් නඟන්න කිසිවෙක් නෑ....
මෙවැනි තත්ත්වයක් මත මුලු අනාගත දිවියම බොඳ වී, ශාරීරිකව, මානසිකව හා ආර්ථිකව අන්ත අසරණ තත්ත්වයට
පත්ව
ජීවත් වන්නට මේ පිරිසට සිදුව තිබෙනවා....
හෙට මේ පිරිස අතරට ඔබද එක් විය හැකියි...
ඒ නිසා මේ අසාධාරණ වන්දි
පූර්ණ ක්‍රමවේදයට එරෙහිව,
සහකම්පනයෙන්යුතුව
කටයුතු කරන්න රාජ්‍ය සේවයේ ඔබ හැමට ආරාධනා කරමි....
ප්‍රදීප් ද සිල්වා
සභාපති
ශ්‍රී ලංකා පොලිස් විරු සංගමය.